මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද ක්‍රීඩා සංකීර්ණය ජනපති සුරතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    රුපියල් මිලියන 360ක වියදමින් ඉදිකළ අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණය හෙට (12)දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. 
     
    මෙම ක්‍රීඩා සංකීර්ණය පිහිනුම් තටාකයකින්, පාපන්දු, ක්‍රිකට් හා රග්බි ක්‍රීඩාංගණවලින් සමන්විත වන අතර ම මංතීරු 9කින් යුතු ධාවන පථයකින් ද යුක්ත වේ. මීට අමතර ව කායවර්ධන මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශ්‍රවණාගාරයකින් ද සමන්විත නවීන පහසුකම් රැසකින් සමන්විතය.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ක්‍රීඩාව ගමට ගෙන ගොස් ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකොට ඇත.
     
    රුපියල් මිලියන 4500ක වියදමින් මෙවැනි ක්‍රීඩා සංකීර්ණයන් සෑම පළාතකම ස්ථාපනය කිරීමට සැලසුම් කොට ඇති අතර බදුල්ල හා නාවලපිටිය ක්‍රීඩාංගණ මේ වන විටත් ජනතා අයිතියට පත් කොට ඇත. ඉතුරු ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු 2016 වන විට අවසන් කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya