මෙවර අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වේ. මේ දිනයන්හි ඇතැම් ප්‍රදේශවලට ඇති වන වර්ෂා තත්ත්වයත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වර්ෂාව නිසා කිසියම් සිසුවකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකතන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.