මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ මුල් මාස තුන තුළ ආනයන සහ අපනයනයන්ගේ කැපී පෙනෙන වර්ධනයක්

    මැයි 06, 2024

    2023 වසරේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස තුන තුළ ආනයන සහ අපනයන කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    එම කාලය තුළ ආනයනය 12.9%ක් වර්ධනය වී ඇතිබව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම අපනයන වර්ධනය තුළ පාරිභෝගික භාණ්ඩ 16.8%ක වර්ධනයක් හිමි කරගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා භාණ්ඩ වීම විශේෂත්වයකි. මීට අමතරව නිෂ්පාදනය සඳහා අවශ්‍ය අන්තර්භාණ්ඩ 8.2%කින් වර්ධනය වී ඇත. ආයෝජන භාණ්ඩ ආනයන වර්ධනය 29.2%ක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජය සැලසුම් කර ඇති පරිදි නිෂ්පාදනය, සංචාරක කර්මාන්තය සහ ආයෝජන ඉලක්ක කරගනිමින් ආර්ථිකය වර්ධනය වී ඇති බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි. මේ අතර වසරේ මුල් මාස තුන තුළ අපනයනය ද 5.7%කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව කෘෂිකාර්මික අපනයනය 5.1%කින් ද, කාර්මික අපනයනය 6%කින් ද වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya