මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් ගාල්ලේ

    මැයි 06, 2024

    ශාක නිරෝධායන සේවාව මෙතෙක් කොළඹට සීමා වී තිබුනි. මේ නිසා උතුර, නැගෙනහිර, දකුණ හා මධ්‍යම පළාත්වල ජනතාවට ශාක නිරෝධායන සේවාවන් ලබා ගැනීමේ දී විශාල මුදලක් දරමින් හා කාලය, ශ්‍රමය වැය කරමින් කොළඹට පැමිණීමට සිදුවිය.

    විශේෂයෙන් ශාක හා ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍යයන් තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමට මේ නිසා තමන් මහත් අසීරුතාවකට පත්ව සිටින බව ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිළි කර තිබිනි.

    මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා මේ වනවිට නව ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනක් විවෘත කරනු ලැබීය. ඒ අනුව මෙතෙක් කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව යාපනය හා මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතව ද මෙම ශාඛාවන් මින් පෙර විවෘත කරනු ලැබීය.

    මෙහි සිව්වන කාර්යාලය පසුගියදා ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කරනු ලැබීය.

    ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය කමණී රණතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    විශේෂයෙන්ම දකුණු පළාත තුළ ශාක නිරෝධායන සේවාව ලබා දීමේ අරමුණින් මෙම ප්‍රාද්ශීය කාර්යාලය විවෘත කර තිබේ.

    මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා-

    මෙතෙක් ශාක නිරෝධායන සේවාව කොළඹට පමණක් සීමා වුනා. මේ නිසා අප රටේ අනෙකුත් පළාත්වල ජනතාවට ඉතාමත් දුරබැහැර සිට මෙම සේවාව ලබා ගැනීම සඳහා කොළඹට පැමිණීමට සිදු වුනා.

    නමුත් මහජනතාව කළ ඉල්ලීමක් පරිදි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම කෙටි කාලය තුළ උතුර, මධ්‍යම හා දකුණු පළාත් පළාත්වල ප්‍රාදේශීය කාර්යාල තුනක් විවෘත කළා. දැන් ශාක නිරෝධායන සේවාව ලබා ගැනීමට එම ජනතාවට කොළඹට පැමිණිය යුතු නැහැ.

    අද රටේ සමහරු  අවුරුදු හැත්තෑපහක් මෙතෙක් බලයට පත්වෙච්චි ආණ්ඩු මොනවද කළේ කියළා අහනවා. නමුත් අවුරුදු හැත්තෑපහකට පෙර රට තිබු තැන නොවෙයි තිබෙන්නේ. විශාල සංවර්ධනයක් රට තුළ සිදුවී  තිබෙනවා. අපේ රටේ මංමාවත්, ජල සම්පාදන යෝජනා ක්‍රම , කෘෂිකර්මය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි කවර අංශයක් ගත්තත් විශාල දියුණුවක් ලබා තිබෙනවා. ඒක නැහැ කියන්න කාටවත් බැහැ.

    නමුත් පසුගිය වසර කිහිපයක් තුළ රට ආර්ථික අර්බුදයකට මුහුණ පෑවා. ඒකට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. ඒවා පැහැදිළි කළ යුතු නැහැ. අපි හැමෝම එම කරුණු දන්නවා. මින් වසර දෙකකට පෙර අපේ රට තිබුනේ අඩු තරමින් අවශ්‍ය තරම් ඉන්ධන ටිකවත් නැති රටක් විදියට. ගෑස් නැවක් ගන්න ඩොලර් මිලියන 20ක් හොයා ගන්න තරම්වත් ශක්තියක් අපේ භාණ්ඩාගාරයට තිබුනේ නැහැ.

    නමුත් අද අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල නැවතත් ස්ථාවර වෙමින් තිබෙනවා. සංචාරක හෝටල් සිය ගණනක් සංචාරකයින් නැති නිසා වැසුනා. නැවතත් සංචාරක කර්මාන්ත ස්ථාවර වී තිබෙනවා. අපිට පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් අපි අපේ රට තුළම නිෂ්පාදනය කර ගැනීමට හැකි වී තිබෙනවා.

    මෙම වෙනස අපි ඇති කර ගත්තේ කෙටි කාලයක් තුළ . ඒ නිසා ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ගෙන යන වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක වී තිබෙනවා. අඩුපාඩු ඇති. එම අඩුපාඩු හදුනාගෙන කටයුතු කිරීමට රජය මැදිහත් වී කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya