මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙනේ සියවස් සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 11, 2014
    කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙනේ සියවස් සමරු උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.
     
    පිරිවෙනට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් වූ සමරු ඵලකය නිරාවරණය කිරීම, බෝධි ප්‍රාකාරයේ අභිනව රන් වැට විවෘත කිරීම, ශත වර්ෂ පූර්ණ සංස්කෘතික තෙමහල් මන්දිරය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු විය.
     
    වයඹ පළාතේ පිරිවෙන් 95ක් සඳහා පරිගනක ලබාදීම සංකේතවත් කරමින් පිරිවෙන් 03ක් සඳහා පරිගනක ලබාදීම ද මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා සිදු කළේය.
     
    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ, රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය මඩිතියවෙල මේධාලංකාර ස්වාමීන් වහන්සේ, අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි ස්වාමීන් වහන්සේ, වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන  ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
     
    ප්‍රදේශවාසීන් ද පිරිවෙන වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් අතරට ගොස් සුහද කතා බහක ද නිරත විය.
     
    අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, බන්දුල ගුණවර්ධන, ටී.බී. ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, නෙරංජන් වික්‍රමසිංහ යන මහත්වරු මීට එක්ව සිටියහ.
     
    NDH/pmu
    03
     
     
    04
     
    05 1
     
     
    06
     
    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya