මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 මාර්තු මාසයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක්

    මැයි 02, 2024

    2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් වේ.

    2024 මාර්තු මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

    ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065ක් වන අතර එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. එය 2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයකි.

    එමෙන්ම පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය 2023 වරරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 32ක ඉහළ යාමකි.

    පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා ඇත. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළ යාමක් බවත් දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592ක් වන අතර එහි වර්ධනය සියයට 30ක් බවද පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya