මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශක්තිමත් කළ රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක්

    ඔක්තෝබර් 12, 2014

    රාජ්‍ය සේවය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොතබා වසර 2001දී පාලනයට පැමිණි එජාප රජය මෙරට රාජ්‍ය සේවය ලක්ෂ 07 සිට 03 දක්වා කප්පාදු කරද්දී වත්මන් රජය රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය තබමින් මෙරට රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා පුළුල් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    මෙලෙස ශක්තිමත් කළ රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරින් හත්දහසකට යතුරු පැදි ප්‍රදානය කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයට එක්වෙමිනි.

     

    කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරිණි. 2014 අය වැය යෝජනා අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර මේ වන විට දිස්ත්‍රික්ක රැසක ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ප්‍රදානය කිරීමට රජය කටයුතු කර ඇත.

     

    ග්‍රාම සේවා, පවුල් සෞඛ්‍ය, සංවර්ධන, සමෘද්ධි, කෘෂි පර්යේෂණ, ග්‍රාම සංවර්ධන, සමාජසේවා හා ක්‍රීඩා නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් වෙත මෙම යතුරුපැදි බෙදාදීම සිදු වේ.

     

    මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ, රජය ලබා දෙන මෙම පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බවයි.

     

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    NDH/priu

    President Hands Over Motorcycles to Kandy District Field Officers

     

    President Hands Over Motorcycles to Kandy District Field Officers 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya