මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුලියාපිටිය, බිංගිරිය සරණංකර ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    කුලියාපිටිය, බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.
     
    පරිගනක 40කින් යුත් පරිගනක විද්‍යාගාරයකින්, පරිගනක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය. 
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. 
     
    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. නාවින්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE kuliyapitiya bingiriya lab 1
     
     
    HE kuliyapitiya bingiriya lab 2
     
    HE kuliyapitiya bingiriya lab 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya