මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පඬුවස්නුවර බණ්ඩාරනායක මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    පඬුවස්නුවර එස්.බඩ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.
     
    පරිගනක 40කින් යුත් පරිගනක විද්‍යාගාරයකින්, පරිගනක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය. 
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. 
     
    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පවරා දුන්නේය.
     
    ජනාධිපතිතුමා විදුහල්පතිතුමා මෙන් ම ආචාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතා බහක ද නිරත විය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජයරත්න හේරත්, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    he paduwasnuwara bandaranayaka school 1
     
     
    he paduwasnuwara bandaranayaka school 2
     
    he paduwasnuwara bandaranayaka school 3
     
    he paduwasnuwara bandaranayaka school 4
     
    he paduwasnuwara bandaranayaka school 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya