පඬුවස්නුවර නුගවෙල හන්දියේ පිහිටි කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (11) පස්වරුවේ විවෘත කෙරිණි. කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 560ක වියදමින් වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය 06ක් සංවර්ධනය කිරීම යටතේ මෙය ඉදිකර ඇත. DB