මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිංගිරිය නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා "සිසිල් සෙවණ" ළමා උද්‍යානය ජනතා අයිතියට

    ඔක්තෝබර් 12, 2014
    බිංගිරිය ප්‍රාදේශීය සභාව මඟින් හල්මිල්ලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන "සිසිල් සෙවණ" ළමා උද්‍යානය සහ බිංගිරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (11) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    සිසිල් සෙවණ ළමා උද්‍යාන පරිශ්‍රයේ ළමා හා මාතෘ සායනයක්, ක්‍රීඩා පිටියක් හා පෙර පාසලක් පවත්වාගෙන යනු ලබන අතර ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳ ව ද සොයා බැලීය.
     
    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සැලවීමෙන් ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද ඒ අවට රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් අතරට ගොස් තොරතුරු විමසීමට ද අමතක නොකළේය.
     
    සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට උපරිම පහසුකම් සලසමින් වඩාත් කාර්යක්ෂම හා විධිමත් සේවවක් සැපයීමේ අරමුණින් ඉදිකළ බිංගිරිය නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 38ක් වැය කොට ඇත.
     
    බිංගිරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජයරත්න හේරත්, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    HE bingiriya ps 1
     
     
    HE bingiriya ps 2
     
    HE bingiriya ps 3
     
    he bingiriya sisilsewana
     
    he bingiriya sisilsewana 1
     
    he bingiriya sisilsewana 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya