අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සාමාජික රටවල් බහුවිධ අභියෝගයන්ට සූදානම් කරවීමට බෙහෙවින් උපකාර වන බවයි. එම දැනුම, සාමාජික රටවල අභියෝග අවම කිරීමට සේ ම සමබර පරිසරය හා තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සඳහා වූ සැසියේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.