මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුලියාපිටිය, බරාගෙදර අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 11, 2014
    කුලියාපිටිය, බරාගෙදර අනගාරික ධර්මපාල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගනක 40කින් යුත් පරිගනක විද්‍යාගාරයකින්, පරිගනක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. අනතුරුව විදුහල්පතිවරයා මෙන් ම ආචාර්ය මණ්ඩලය සමඟ ද කතා බහක නිරත වෙමින් විද්‍යාලයේ කටයුතු පිළිබඳව ද විමසා බැලීය.
     
    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    NDH/pmu
     
    02
     
     
    04
     
     
    06
     
    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya