සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගමන් බලපත් ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා අදාළ අංශවලට උපදෙස්

    සැප්තැම්බර් 04, 2024

    විදෙස් ගමන් බලපත් ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. විදෙස් ගමන් බලපත් ලබාදීමේදි ඇති වී තිබෙන  ප්‍රමාදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභානායකවරයා මෙසේ පැවසීය.

    "ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැති කළ ආණ්ඩුවකට මෙම පෝලිම් නැති කරන එක ප්‍රශ්නයක් නොවෙයි. එදා ඒ පෝලිම් ගැන කවුරුත් කතා කළේ නැහැ.

    මුලින් ඊ පාස්පෝට් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. නමුත් ඇති වූ තාක්ෂණික ගැටලුව මත එය කල් ගියා. මේ අතර ඊ පාස්පෝට් නොවන පාස්පෝට් ප්‍රමාණවත් සංචිතයක් නොමැති වීම නිසා අද මෙම ගැටලුව මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳ යම් ගණනයක් කර තිබිය යුතුයි. නමුත් එය සිදු වී නැහැ. මේ සඳහා අතිරේක සූදානමක් තිබිය යුතුයි. ඊ ගමන් බලපත්‍රය විධිමත් ආකාරයට නිකුත් කරන තෙක් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලක්ෂ 7 1/2 වැනි ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කිරීමට  උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් එම සමාගමට ගමනිබලපත් මුද්‍රණය කිරීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. එතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙය කළමනාකරණය කරනවා. තව මාසයක් තුළදී සාමාන්‍ය ගමන් බලපත් නිසි පරිදි ලබා දීමට දැනුම් දී තිබෙනවා"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya