සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන ආයතන රාශියක් පිහිටා ඇති හෝමාගම කළාපයේ තැබෑරුම් විවෘත කිරීම සිදු නොකළයුතුයි

    අගෝස්තු 21, 2024

    උසස් අධ්‍යාපන ආයතන රාශියක් පිහිටා ඇති හෝමාගම කළාපයේ තැබෑරුම් විවෘත කිරීම සිදු නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, බීමත්කම, ප්‍රචණ්ඩත්වය සහ වෛරය වපුරවන දේ සඳහා තමා දායක නොවන බවයි. එකම ජාතික පාසලක්වත් නොතිබූ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ තමා හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල ඉදිකළ බවත්, අදවන විට දරුවන් 7000ක් එහි ඉගෙනුම ලබන බවද කීය.

    හෝමාගම ප්‍රදේශයේ ප්‍රධාන තාක්ෂණ විශ්වවිද්‍යාල 02ක් පිහිටා ඇති බවත්, හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ලෝකය පුරා  භික්ෂූන් ථෙරවාදී බෞද්ධ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන බවද පෙන්වා දුන්නේය. මීට අමතරව පෙළ පොත් බෙදාහරින ගබඩාව, ටෙලිකොම් දත්ත ගබඩාව  හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති බවත් ලංකාව පුරා සිසුන් මෙම ප්‍රදේශයේ නේවාසිකව අධ්‍යාපනය ලබන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තරුණ සිසුන් බහුලව ගැවසෙන මෙම ප්‍රදේශය තුළ තැබෑරුම් වීවෘත කිරීම සිදු නොකළ යුතුබව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya