සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක

    අගෝස්තු 29, 2024

    මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා (27) පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබිණි.

    පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද සහ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම දකුණු ආසියානු සන්දර්භය තුළ රටවල් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ජාත්‍යන්තර එකඟතා සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධානය යොමු කරන ආකාරය පිළිබඳවද මෙහිදී විදෙස් ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya