සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන සහායකයන්ගේ  කොන්ත්‍රාත් සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ

    අගෝස්තු 21, 2024

    ඩෙංගු සහායකයන් ලෙස දැනට සේවයේ යෙදෙන 332 ක් සේවකයන්ගේ සේවා කාලය තවත් වසරකින් කොන්ත්‍රාත් පදනම යටතේ දීර්ඝ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සාමාන්‍ය පෙළ විභාගයේ හයයි දෙක සමත් වූ පුද්ගලයන් ඩෙංගු සහායකයන් ලෙස බඳවාගෙන සිටින අතර වසර 8ක් තිස්සේ සේවාවේ නියුතු මෙම පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඇසූ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. 

    මෙම සහායකයන්ගේ කොන්ත්‍රාත් කාලය ඔක්තෝබර් මාසයේ දී නැවත දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

       

    මෙම වර්ෂයේ දී  ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තාගත වීම අවම වී ඇති බවත් ඩෙංගු පාලනය සඳහා කටයුතු කරන සියලු දෙනාගේ සහාය නිසා මෙම අඩු වීම සිදුව ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya