සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැවැන්තම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කළා

    අගෝස්තු 21, 2024

    ලංකා ඉතිහාසයේ  මෙතෙක් නොවූ දැවැන්තම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව රජය සිදු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්වේදී පැවසීය.

    සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග කිහිපයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වසර 2048 වන විට මෙරට දුප්පත්කම තුරන් වී, රටේ සෑම ජන කොටසක්ම ඉහළ ජීවන තත්වයක් භුක්තිවිඳින, අමෙරිකානු ඩොලර් 20,000ට වැඩි ඒකපුද්ගල ආදායමක් ලබා ගත හැකි   සංවර්ධන වැඩසටහනක් ජාතික න්‍යාය පත්‍රයක් ලෙස රටට ඉදිරිපත් කරමින්  වත්මන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද  අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආර්ථිකය පනත් පහකින් ගැට ගසා ඇති බවත්, කිසිවෙකුටත් මෙම පනත් වලට විරුද්ධ වෙමින් කටයුතු කළනොහැකි බවයි. එසේ කටයුතු කළොත් නැවතත්, තෙල් නැති, ගෑස් නැති තත්වයකට රට පත්වනු ඇතැයිද පැවසීය.

    අද පැවති විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    රටට හුස්ම ගැනීමට හැක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ගිවිසුමට එළඹීම නිසයි. IMF සහය නැත්නම් 2025 වසරට අයවැයක් හදන්න බැහැ.2025 අයවැය සම්මත වුණේ නැත්නම් රාජ්‍ය සේවක වැටුප්/ විශ්‍රාම වැටුප් ගෙවීම් කිසිවක් කරන්න බැහැ. මේ වන විට රජය 2025 අයවැය සකස් කරනවා. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙන්නේ වසර තුනක් සඳහා අයවැය ලේඛනය සෑදීම සඳහායි.

     

     රාජ්‍ය සේවකයන්ට අපි කිව්වා මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්.  නමුත් වෛද්‍යවරු/විශ්ව විද්‍යාල ආචාර්යවරු වරින් වර අතුරු දිමනා ලබා දුන්නා. රාජ්‍ය සේවයේ තිබෙන මෙම වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා කමිටුවක් පතකරන ලෙස ජනාධිපතිවරයා  උපදෙස් ලබාදුන්නා. ඒ අනුව උදය.ආර් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කළා. ඒ අනුව එම කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළා.

    "සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් සංශෝධනය නොකොට වසර තුනක් පුරාවට දීම සිදු වෙනවා. මූලික වැටුප සංශෝධනය වී නැතිනම් සියයට 24%ත් 25% අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. එවිට රාජ්‍ය සේවයේ පහළම ඉන්න සේවකයාටත් රුපියල් 55,000ක්  ලැබෙනවා.මෙම වසරේ ලංකා ආර්ථිකය 3%කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබෙනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya