සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

    අගෝස්තු 16, 2024

    ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක  සුර්යබල  උද්‍යානයේ  ඉදිකිරීම්  කඩිනම්  කිරීමට අවශ්‍ය  උපදෙස් හා නිර්දේශ  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  ලබා දී තිබේ.

     ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා  පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදී ය.

    මෙහිදී අදහස් දක්වමින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම සියඹලාණ්ඩුව  සුර්යබල  ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 120 මුදල් වැයවන  බව පෙන්වා දුන්හ. කෙසේ වෙතත් එම බලාගාරයේ ඉදිකරීම් ප්‍රමාදයෙන්  දිනක පාඩුව රුපියල් මිලියන 19ක් බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

     

    මෙම සුර්යබල  උද්‍යානයේ ප්‍රවේශ මාර්ගය, ව්‍යාපෘති කාර්යයන් වෙනුවන් භාවිතා කිරීමේදී පවතින ගැටලු   හේතුවෙන් එහි ඉදිකිරීම්  ප්‍රමාද වී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ  නිලධාරීහු  කාරක සභාවට දැන්වූහ. එම ප්‍රවේශ මාර්ගය පිළිබඳව මේ වනවිට නඩු කටයුත්තක් අධිකරණයේ පවතින බවත් නඩු කටයුත්ත අවසන් වනතුරු මාර්ගය භාවිතා කිරිමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති බවද නිලධාරීහු කාරක සභවට දැන්වූහ.

    මේ අතර  මන්නාරම හා පූනරින් සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය අත්පත් කරගැනීමට යෝජිත ඉඩම් විශේෂ දීමනා බලප්‍රතයක් ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත කඩිනමින් ලබා ගැනීම  පිළිබඳවද  කාරක සභාව තුළ  සාකච්ජා විය. ඒ අනුව කාරක සභාව විසින් දිස්ත්‍රික්ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරයාට අදාළ  ඉඩම් නිදහස් කරගැනීමේ ගැටලු කඩිනමින්  අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම ඉඩම්  මැනුම් මැනුම් කරන ක්‍රියාවලිය තුළ  ඇතිවී තිබෙන  ප්‍රමදයන්ද  කඩිනම්  කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරක සභාව  අදාළ  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya