සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ 21 වැනිදා පමණයි

    අගෝස්තු 16, 2024

    අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව 21 වැනි බදාදා පමණක් රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    මේ අනුව අගෝස්තු 21 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

    අනතුරුව වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට ද නියමිතව තිබේ.

    ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න 2ක් සඳහා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya