සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිඟ බදු නොගෙවයි නම් සුරාබදු නිෂ්පාදන බලපත් අහෝසියි

    අගෝස්තු 13, 2024

    2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උ‍පදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබා දීම සිදුවිය.

     

    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර ලබා දුන් නිර්දේශ අනුව ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා දේ‍ශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල උසස් නිලධාරීහු මෙම කාරක සභාවට කැඳවා තිබිණි. 

    පසුගිය ජූනි 30 වන විට 2023 වසරේ හිඟබදු අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට මීට පෙර නිර්දේශයක් ලබාදී තිබුනද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් නොලැබුණ බැවින් අදාළ නිර්දේශය ක්‍රියාත්මක නොකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කාරක සභාව ඉදිරියේ පැවසීය. 

    කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය රහිතව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ තනතුරු රැසක් ස්ථාපිත කිරීම නිසා ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව සලකා බැලීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය කළ ඉල්ලීමට  කාරක සභාවේ දෙවන සැසියේදී  අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකොට අනාගත ව්‍යාපෘති ඇතුළු කටයුතු පිළිබඳ සලකා බලා මාර්ග සංවර්ධන අධිකාරියට අනුමතිය ලබාගත යුතු  සේවක සංඛ්‍යාව දැක්වෙන යෝජනාවලියක් කාරක සභාවට යොමුකරන ලෙස දැනුම් දුන්නේය. එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලංකා සංගමය එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා හිමිවූ රු. බිලියන 5 සහ රු. බිලියන 15ක ණය ලබාදෙන ක්‍රමය සහ අක්‍රීය තත්ත්වයේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජනාවලියක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya