සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ ආර්ථික වශයෙන් යළි නැගී සිටියා

    අගෝස්තු 08, 2024

    වැටුණු රටවල් අතරින් ශ්‍රී ලංකාව  ඉතා  කෙටි කාලයක් තුළ,  ආර්ථික වශයෙන් යළි  නැගී සිටි බව , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(08)පාර්ලිමේන්තුවේදී පැවසීය. ලසාර්ඩ්-ෆ්‍රාන්ස් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමග ශ්‍රි ලංකා රජය එළඹඇති ගිවිසුම් සම්බන්ධයෙන්  සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන දින සම්බන්ධයෙන් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දේශීය ණය, විදේශීය ණය, ද්වී පාර්ශවිකණය ආදී  වශයෙන් අදියර කිහිපයක් යටතේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු වන බවයි.

    කඩා වැටුණු අනෙක් රටවල් හා සමග සැසඳීමේදී, ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළ යලි ආර්ථිකය වශයෙන් නැගී සිටි බවත් මෙය තවදුරටත්  මෙය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූරාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    “ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. අපගේ ණය ප්‍රමාණයන් සහ ණය කාණ්ඩයන් දිහා බලද්දී  අප විවිධ කාණ්ඩ යටතේ අවස්ථා කිහිපයකදී ණය අරගෙන තිබෙනවා. මහබැංකු අධිපතිවරයා කිසිම අවස්ථාවක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය,  සම්බන්ධ අවසාන දින වකවානු පිළිබඳව  දැනුම් දීමක් සිදු කර නැහැ. දිගින් දිගටම හැකි ඉක්මනින් මෙම ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමටත් රට ස්ථාවර කිරීමටත් කටයුතු කරනවා. නිචිතව මෙම දවසේ මෙය අවසන් වෙනවා කියා කියන්න බැහැ. තවමත් කියන්න බැහැ අවසන් වන දිනය.නමුත් අදියර කිහිපයක් යටතේ මෙය ක්‍රියා වෙනවා.  අද වන විට මෙහි සාර්ථකත්වයක් ලබා තිබෙනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya