සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට හැර ගිය වෛද්‍යවරු යළි මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක්

    අගෝස්තු 08, 2024

    කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු රට හැර ගිය වෛද්‍යවරු නැවත මෙරටට  පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පසුගිය මාස 02 තුළ එලෙස රට හැර ගිය වෛද්‍යවරු නැවත මෙරටට පැමිණ සේවය කිරීම ආරම්භ කර ඇති බවත් එය ඉතා හොඳ ප්‍රවණාතවයක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා, එලෙස රට හැර ගිය වෛද්‍යවරුන්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද පැවසීය.

    අද දිනයේ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන සංශෝධන පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම කෙටුම්පත් දෙක මගින් වෛද්‍ය සේවයේ උන්නතියට හේතුවන බවයි.

     

     විදේශයෙන්හි වෛද්‍ය උපාධිය ගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට තාවකාලික ලියාපදිංචිය ලබා ගැනීමේදීගැටලු සහගත තත්වයන් මතු වී  ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, 

    මෙම කෙටුම්පත් මගින්  එම විදේශ වෛද්‍ය උපාධිය ලබා මෙරට වෛද්‍යවරුන්ට වසරක කාලයක් සඳහා තාවකාලික ලියාපදිංචිය ලබා දීමට කටයුතු කරන බවයි.  පසුව ඔවුන්ට ස්ථාවර ලියාපදිංචිය ලබා දීමට කටයුතු  කරන බවද අමාත්‍යවරයා පැවසිය.

     වෛද්‍ය  පශ්චාද් උපාධිආයතනයට මේ සම්බන්ධවදැනුම් දී තබෙන බවත් පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා  වැඩි පුර සිසුන්  පුහුණු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya