සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ප්‍රශ්න අදියරෙන් අදියර විසඳෙමින් තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    අගෝස්තු 07, 2024

    රටේ පැවති ප්‍රශ්න අදියරෙන් අදියර විසදීමට රජය කටයුතු කළ  බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2024 වර්ෂයේ මුල් කාර්තුවේදී අත්කර ගත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය. 

    පසුගිය වසර දෙක තුළ ජනතාවගේ සියලු ගැටලු  විසඳීමට නොහැකි වුවත් ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු කරන්නට අපිට හැකි වුණා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති අවධානය ගැනත් අපි සිතිය යුතුයි. හැම අවස්ථාවකදීම අපි දකින්නේ විවේචන පමණයි. කිහිපදෙනෙක් යෝජනා ඉදිරිපත් කළා. ආහාර සුරක්ෂිතතාව රට තුළ ඇති කිරීමට අපි කටයුතු කළා. 2022 යල කන්නයේ සිට පොහොර ලබාදීමට අපි කටයුතු කළා. ඉන්පසුව පොහොර ලබාදීම වැඩි වැඩියෙන් කළා. අද වන විට ඔවුන්ගේ ආර්ථිකය යහපත් වෙමින් තිබෙනවා. ඖෂධ සම්බන්ධයෙන් ද ගැටලු ඇති වුණා. ඒවා විසඳීමටත් අපි කටයුතු කළා. රුපියල් බිලියන 4000 ක ආදායමක් 2024 තුළදී අපේක්ෂා කරනවා. ඉන් රුපියල් බිලියන 2600 ක් අපි පොලී ගෙවනවා. ආසන්න ලෙස දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 8.5 ක පොලියක් අපි ගෙවනවා. ඒක තමයි අර්බුදය. රාජ්‍ය ආදායම සියයට 13 දක්වා යාමට අපි අපේක්ෂා කරනවා. එය අපිට කළ හැක්කේ දේශපාලන වෙනසක් ඇති නොවුණොත්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya