අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා රටේ අස්වැන්න වැඩිකරගැනීමට හැකිවීම නිසා උද්ධමනය පහළ අගයකට රැගෙන ඒමට එය හේතුවුනා - අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 28, 2023

    ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වූ නිසා උද්ධමනය පහළ අගයකට රැගෙන ඒමට හැකිවූ බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

    ආර්ථිකය පැවති දුර්වල මූල්‍ය තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පවත්වා ගැනීමට නොහැකි වූ බවද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවද, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවසන් කමිටු වාර්තාව ට අත්සන් තැබීම පැහැර හැරි බවද ඔහු පැවසීය.

    ප්‍රතිපත්ති ගරුකභාවය ආරක්ෂා කරගනිමින් රජය තුළ කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී 2023.11.28 දින එක්වෙමිනි.

    වවුනියාව දිස්ත්‍රික්කය ආහාර නිෂ්පාදනයේ අතිරික්ත දිස්ත්‍රික්කයක් ලෙස විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරට පැමිණ තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    “ගරු කතානායකතුමනි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ වැය ශීර්ෂය අනුමත කර ගැනීම සඳහා වූ විවාදයට අපි කාටත් එක් වන්නට පුළුවන් වාතාවරණය ඵලදායී ලෙස ඇති කරමින්, ගිය වසරට වඩා එය ඵලදාව ඇති කරපු රජයක් හැටියට අපි මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණියේ.

     

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන් කඩා වැටුණු ආර්ථිකයත් කඩා වැටුණු නීතියේ ආධිපත්‍යත් ජාත්‍යන්තරව වලංගු නැති තත්ත්වයකට පත් වුණු අපේ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සම්බාරය යළිත් නිවැරදි කරන්ට පුළුවන්කම ඇතිවෙනවා. ඒ බව මං පළවෙනියෙන් සිහිපත් කරන්න කැමතියි.

    ඒ නිසාම ආර්ථිකයත් රාජ්‍ය පරිපාලනයත් ක්‍රියාත්මක කර ගැනීමේ තත්වයටත් රටේ ආර්ථීකයේ පෞද්ගලික අංශයත් ආයෝජකයන් ඒ වාගේම ස්වදේශිය ආයෝජකයන් අද යලිත් ආර්ථීකය ඵලදායි තත්වයට පරිවර්තනය කර ගැනීමට පුළුවන් තත්වයට පත් කර ගැනීමට හැකිවීම නිසා හවුල් වෙමින් පවතිනවා මෙය ප්‍රගති පියවරක්. රාජ්‍ය පරිපාලනය ස්වදේශ කටයුතු පළාත් පාලන කටයුතු ක් ෂේත්‍ර සියල්ල ආවරණය කරන්නේ මුළු මහත් රාජ්‍ය පාලනයේ ප්‍රධානතම අංශ.

    ඒ නිසාම අපේ හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමා අලවතුවල මැතිතුමා කරුණූ රාශියක් කිව්වා මම බොහෝ කරුණු සමග එකඟ වෙනවා.එතුමාගේ ගේ ආදරණීය පියා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මේ පාර්ලිමේන්තුවේ මම මන්ත්‍රීවරයෙක් හැටියට සහභාගි වෙන අවස්ථාව මට සිහිපත් වෙනවා.

    අපි කවුරුත් රාජ්‍ය පරිපාලනය දේශපාලනකරනයෙන් පුළුවන් තරම් ඉවත් කිරීම දැමීම සඳහා උත්සාහ යෙදෙන්න කියලා තමයි දෙපාර්ශවයම මං හිතන්නේ පතන්නේ. නමුත් ඒ තත්ත්වයට පරිවර්තනය කර ගැනීමමේ විවිධ ගැටළු තියෙනවා ඒ සඳහා පලමු කොට රාජ්‍ය පරිපාලනය යම්කිසි මට්ටමක ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා ස්වාධීනව යොමු කර ගැනීම සඳහා විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යළිත් වරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. අපි විශ්වාස කරනවා අපේ රටේ විශිෂ්ටතම රාජ්‍ය පරිපාලනය නිලධාරීන් බිහිකරපු රටක්.

    ඒ විශිෂ්ටතම ක්‍රියාවලිය උරුමකම් කියන කොට අපේ රාජ්‍ය සේවයේ හිටපු අපේ දකුණු පළාතෙන්, උතුරු පළාතෙන් නැඟෙනහිර, නැගෙනහිර පළාතෙන් බිහි වෙච්චී ඒ රාජ පරිපාලකයන් දුන්නා ආදර්ශ අනුව කටයුතු කිරීමේ ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වුනා නම් පටු දේශපාලන ක්‍රියාවලීන් නොමැතිව රටේ ප්‍රගතිය තවත් වේගවත් කරන්නට පුළුවන්කම ලැබෙනවා.

    ඔබතුමා සඳහන් කරපු කරුණු අතර අපේ රාජ්‍ය සේවයේ නිරත වෙලා තිබෙන බොහෝ දෙනා ගිය වසරේ ඔබතුමාලාගේ කතාවන් කියවූ මට හැන්සාඩ් වාර්තාවේ මම යළිත් සිහිපත් කරනවා කුමක්ද ඔබතුමාලා පූර්ව කථනය කළේ. ආර්ථික කඩාවැටීම රාජ්‍ය පරිපාලනය රාජ්‍ය නිලධාරීන් රාජ නිලධාරීන් 14 ලක්ෂයෙන් ලක්ෂ ගානක් රස්සාව අහිමි වෙනවා කියලා. මාස දහ තුනක් ගත වුණා ඔබලාගේ ඒ බලාපොරොත්තු එලෙස ජීවන මාර්ගවල කඩා වැටීම පමණක් නෙවෙයි, ඒ නිසා රාජ්‍ය පරිපාලනය ඇතිවිය හැකි කඩා වැටීමද අපට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.

    මම ගිය වාරෙත් සිහිපත් කලා. යලිත් සිහිපත් කරනවා. මේ අපි අනුගමනය කරන මොඩලය අපේ හර්ෂ ෂිල්වා මැතිතුමා එකඟවෙයි දැනට තියෙන පොතේ මොඩලය නෙමෙයි ඒ නිසාම අපේ නිගමනයන්යළි යළි යළිත් කල්පනා කරන්නට කියනවා. ග්‍රීසිය අරන් බලන්න ග්‍රීසිය බංකොලොත් තත්ත්වයට පත් වුණා. මොකද කළේ අගමැති තුමාට පාරෙන් ඇවිද යන්නට වුණා. රාජ්‍ය නිළධාරින්ගේ වැටුප් වහාම නැවතුණා. විශ්‍රාමිකයන්ට වැටුප් ගෙව්වේ නැහැ.ඒ අර්බුදයෙන් ගොඩ ආවේ යුරෝපා හවුල ගිහිල්ලා ඒ අර්බුදයෙන් තාවකාලිකව විසඳන්නට සහයෝගය දුන්න නිසා පෘතුගාලය, ස්පාඤ්ඤය මේ මොඩලය තමයි මෑත කාලයේ මේ පාවිච්චි කරපු මොඩලය මොකද ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම. නමුත් අපි රාජ්‍ය පරිපාලනයේ 14 ලක්ෂයක සේවාවේ සිටින අය එලෙස දහස් ගණනින් රක්ෂාව අහිමි කරන්නට තීරණයට පැමිණෙන්නේ නෑ. අපිටත් එහෙම කරන්න තිබුණා.අපිටත් ඒ යෝජනා ඉදිරිපත් කළා.සාකච්ඡා මාර්ගයෙන් ඒ තත්වයන් වෙනස් කර ගනිමින් කටයුතු කරන්න පුළුවන් වීම මම හිතෙනවා මුළු මහත් රාජ්‍ය සේවයට දේශපාලන පක්ෂ භේදයන් හිතවත් කමින් තොරව පිළිගත හැකි ප්‍රගති පියවරක් විශ්වාසයත්.

    ඒ නිසා ඒ සඳහා විශ්ව විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නයට ද අපේ අවධානය ද යොමු කරනු ලැබුවා අපි කිහිප වතාවක් මගේ කාරක සභාවේ ඔබ තුමාත් මමත් රාජ්‍ය අමාත්‍යතුමා ඔයාලත් දෙදෙනාත් සාකච්ඡා කළා අපි විශ්‍රාමිකයන්ට එක් ව තිබුණු ලොකු බැංකු ණයක් විසඳා ගන්න පුළුවන්කම තිබුණා. ඒ තුලින් විශ්‍රාමික දෙපාර්තමේන්තු හා එම අරමුදලවල් යම්කිසි බරකින් අඩු කර ගැනීමත්, ඉදිරියට වඩාත් අඩු කර ගැනීමට හැකි මාර්ගයට පිවිසෙන ක්‍රියාවලින් විශ්‍රාමිකයන්ට තවදුරටත් බලාපොරොත්තු තත්ත්වයන් ගොඩනැගීමට හැකියාව ඇතිකර ඇති කර තිබෙනවා ඒ පිළිබඳ විස්තර ඔබතුමා විසින් මම හිතන්නේ විශේෂ පරිශීලනය කළොත් මේ ඇස්තුමේන්තුවල ඒ පියවරවල් සහ ඒ වාර්තාවල එක් එක් දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරපු පැහැදිලි වෙනම ඇති.

    අපි මේ ජීවන දීමනාව දහදාහකින් වැඩි කර තිබෙනවා. ඒ වගේ වුණා විශ්‍රාමිකයන්ට ද අනෙක් ක්ෂේත්‍ර වලට ද එවැනි මේ හිමිකම් කීම හැකි ලෙස ද සහනයක් සලසලා තිබෙනවා.මේ ආර්ථිකය සහනයක් සලසන ආර්ථිකයක් මා පිළිගන්නවා ජීවන වියදම වැඩි වුණා. උද්ධමනය නොසිතු විදිහට වැඩි වුණා.රුපියලේ වටිනාකම නො සිතූ තරම් වැඩි වුණා. ඒ ඊයේ අද අපි ජීවත් වෙන්නේ ඊයෙ නෙවෙයි. අද අපි ජීවත් වෙන්නේ ඊට වඩා වෙනස් වූ තත්ත්වයක ඒ නිසා අපට පුළුවන් වී තිබෙනවා. ආර්ථිකයේ සත්‍යය ආර්ථිකය වර්ජනයකට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගයන් ලබා ගැනීම.

    අපේ රටවල් විවිධ ව්‍යාපෘති අත් හිටෙව්වා අපිට සහයෝගය දුන්නු. අපේ රටත් එක්ක් අමනාපයකට නෙවෙයි නමුත් අපේ ණය ගැනීම පිළිබඳව තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා. මම බලාපොරොත්තු වෙනවා ඒ ගැටලු ඉතා ඉක්මනින් විසඳා ගැනීමෙන් පසු 2024 ඒ සියලු රටවල්වල සහයෝගය අත්හිටුවන ලද ව්‍යාපෘතිවලට මැදිහත් වීම ආරම්භ කරන්න පුළුවන්. හොඳයි. අනිත් අපේ ආර්ථික චක්‍රයේ තවත් කොටසක් වැඩ කරන්න පටන් ගන්නවා. ඔබතුමාලා පටන් ගත්ත කාලේ මට මතකයි ඒ කාලේ අපේ යම් යම් පාරවල් ඒ කාලේ ගරු ......මැතිතුමා ඉන්නවා,පටන් ගත්තා ගත්තු මේ රටේ තත්වෙත් එක්ක නැවතුනා නමුත් එය මේ ණය අර්බුදයෙන් අපි දැන් ඉදිරි සති කිහිපය තුළ ගොඩඑන මගට බැස්සට පස්සේ පුළුවන්කම ඇති වෙනවා ඒ පිළිබඳ ඒ ව්‍යාපෘති පටන් ගන්න. මගේ අපේ රාජ්‍ය ඇමතිතුමන්, පළාත් පාලන දෙදෙනා කතාවේදී පැහැදිලි කරයි.ඒ විශේෂ ව්‍යාපෘති ගැන ඒ නිසා මා ඒ කියන්න ට එන්නේ රාජ්‍ය පරිපාලනය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයට පැවරුණු ප්‍රධානතම කරපු දේවල් කීපය අපි යම්කිසි දුරකට සමනය කරලා සහනයන් ලබා දීලා මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගත හැකි සහයෝගය ඇතිකර තිබෙනවා. මේ අයවැය ලේඛනයෙන් ගිය අයවැය ලේඛනයෙන් මේ අමාරු කමට පත් වී තිබුණ ජනතාව, විශ්‍රාමිකයන්, රෝගාතුරව ඉන්න ජනතාව, විවිධ ගැටලු බවට පත් වී තිබෙන ජනයා, අඩු ආදායම් ලබන ජනයා,මේ සියලු දෙනා වෙනුවෙන් සුවිශේෂ සහනයක් ලබා දීම සඳහා ඉදිරි පත් වී තිබෙනවා ඒ අපේ මුදල් රාජ්‍යයන් අමාත්‍යතුමා විසින් පැහැදිලි කලා එය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්නේ අපේ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය ලේකම් තුමා හා එතැන සිටින රාජ්‍ය නිලධාරීන්, ගම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා ඒ නිසා මේ දෙපාර්තමේන්තු සියල්ල ඒව මහා වගකීම් ඉෂ්ඨ කිරීමට පුළුවන් තත්ත්වයකට එම දීමනාවල් කොටස කොටසකට තිබුන දීමනාව තුන්ගුණයකින් වැඩි කර තිබෙන්නේ රජය අමරුවෙන් ජීවත්වෙන ජනතාව කෙරෙහි මේ තත්ත්වය සහනයකට පත්කර තිබෙන තත්ත්වයකට සඳහා කටයුතු කිරීමයි.රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සම්බන්ධව දිසාපතිතුමාලා,ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා,ඒ වගේ ම ග්‍රාමසේවක නිලධාරීන්,ඉටු කරන සේවාවන් ඒ දුෂ්කරතා මැද අපි කෘතවේදිත්ව සිහි කරමු. මොකද රටක ජනතාව හා සම්බන්ධ ව තිබෙන රාජ්‍ය පාලනය විවිධ වෙනස්කම් වලට භාජනය වුණත් සම්පූර්ණ වෙනසකට භාජනය වෙලා නැහැ විදේශ බ්‍රිතාන්‍ය පාලනය තන්ත්‍රයන් පස්සේ.අපිට තාම සමහර නීති රීති ඒ වගේම පරිපාලන නීතිරීති චක්‍ර ලේඛන මහත් තොගය තුළ වැඩිහරියක් තියෙන්නෙ ඒ කාලේ ඉඳන් පනවන ලද චක්‍රලේඛන මේවා විවිධ ආණ්ඩුකාල වෙනසකට භාජනය වුණත්, සම්පූර්ණ වෙනසකට භාජනය වුණේ නැහැ.

    ඔබතුමාට මං කියන්නං ග්‍රාමසේවකවරු දාහතර දාහක් දෙසීයකට කිට්ටු වෙන්න අපේ රටේ ග්‍රාමසේවක කොට්ඨාස තිබෙනවා. එයින් තුන්දාහකට කිට්ටු වෙන්න පුරප්පාඩු අපිට තිබෙනවා. මේ උතුරු පළාතේත් ඒ ගැටලු වලට මුහුණ දෙනවා. නැගෙනහිර පළාතත් මූහුණ දෙනවා.අපේ පළාත හැම පැත්තකම මුහුණ දෙනවා. මේ වි භාගය පවවත්වල නෑ කාලෙකින් කැඳවන ලද අයදුම්පත් මත අපි විභාගය තව සතියකින් පැවැත්වීමට විභාග දෙපාර්මේන්තුව සමඟ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් කටයුතු යොදා තිබෙනවා. ඒ සමගම ඒ නිලධාරීන් වටා තවදුරටත් බලය ලබා දීම හා ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඊයේ දිනෙත් උපදේශක කාරක සභාවේ දී අපි කතා වුණා ග්‍රාම සේවකයන් සඳහා වූ සේවා සංග්‍රහය සකස් කරලා ඉදිරි අවුරුද්දේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට ගමන් කරන්නට පුළුවන්කම ඇති ඉලක්කයකින් කටයුතු කරමු .ඒ පිළිබඳ විශ්වාසය ඇති කරන්න මම සභාවට නොමග යවන උත්සාහයක් දරන්නේ නැහැ.ඒ සඳහා වූ සාකච්ඡා වාද රාශියකට අමාත්‍යාංශයත් අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමත් යෙදීලා තිබෙනවා. ඒ තුළින් ග්‍රාමසේවක වරු දැනට බලාපොරොත්තු වෙන ඒ සුවිශේෂ අවස්ථාව ට අපිට පිවිසෙන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉෂ්ට කිරීම සඳහා 2024 වර්ෂයේ ඉලක්කය හැටියට අපි කටයුතු කරමු.

    ඒ වගේම ගරු කථානායකතුමනි, අපේ අමාත්‍යාංශයට සම්බන්ධ දෙපාර්තමේන්තු රාශියක් තිබෙනවා. ඒ හැම දෙපාර්තමේන්තුවක් ගැනම මට කරුණු කියන්නට හෝ කරුණු සම්බන්ධව සාකච්ඡා වෙන්නට අවස්ථාවක් නොලැබෙයි. නමුත් අපිට ලබා දිය හැකි විශ්‍රාමිකයන් සඳහා රාජ්‍ය සේවය සඳහාත් ස්ථාවර බව ස්ථාවරව රැකියාව කරන්න පුළුවන් බව ඒ වාගේම විවිධ පළාත් වල කටයුතු කරන්නට පුළුවන් බව ඇති කිරීමට හැකි ආර්ථිකය සහ ඒ සේවාවල් එසේ පවත්වා ගෙන යෑමට ගැන කිසිම ගැටලුවක් නැතිව අපි කටයුතු කරනවා. අලවතුවල මන්ත්‍රීතුමා පිලිගන්නවා ඇති ගිය අවුරුද්දේ සමහර මාස තිබුණා අපට රාජ්‍ය ආදායමට වඩා වියදම් අපිට වියදම් හොයන්න එසේ මුදල් තිබුණේ නැහැ අපි ඒ වියදම් ණයට ගත්තේ නැත්නම් ඒ ආකාරයෙන් අපි පඩි ගෙව්ව නැත්නම් ඇති වන තත්ත්වය අද රාජ්‍ය සේවකයන්ට මතක නැතුව ඇති නමුත් එය භයානක තත්ත්වයෙන් අපි ආණ්ඩුව ප්‍රමුඛතම වගකීම හැටියටත් අපි ඒ වගකීම ඉෂ්ට කළා. එය ඇස්තුමේන්තු හරියාකාරව පරිශීලනය කරන්න කියලා මම ඉල්ලනවා. අපේ උරුමය මත අපේ ගම් සභාවල් ගමේ නියෝජිතයන් ඇතිවෙලා ඇති කරපු ඉතිහාසය තමයි අපේ උරුමය එය තමයි ලංකාවේ මුළු මහත් සංවර්ධනයේ උරුමය ඒවා පිළි ගනිමින් යම් යම් දුරකට ආයතන පිහිටෙව්වා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා බණ්ඩාරනායක ශ්‍රීමතා තමයි පළාත් පාලන අමාත්‍යතුමා හැටියට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් පලවෙනි පළාත් පාලන හරි තීරණයකට ගැනීම සඳහා වූ අවශ්‍ය විදි විධාන ඇති කළේ.

    ඊට පස්සෙ හිටපු හැම පළාත් පාලන ඇමතිවරයෙක්ම ඒ වෙනුවෙන් දායක වී තිබෙනවා. ඔබතුමා සඳහන් කළා, පළාත් සභා. 87 ආපු පළාත් සභාවන් දැන් විසුරුවා හරිමින් පවතිනවා. ඒ වගන්තිය තියෙන්නෙත් පළාත් සභා විසුරුවා හැරීමේ බලය පළාත් සභාවටත් තියෙනවා. ඒ වගේම, මධ්‍යව පාර්ලිමේන්තුවටත් තියෙනවා. ගරු කථානායකතුමනි, ඔබතුමාට මටයි සිහිපත් වෙනවා. අපි 90 කාල පරිච්ඡේදයේ හදිසියෙන්ම පාර්ලිමේන්තුව රැස් කරලා පනතක් ගෙනාවා පළාත් සභා විසුරුවා හැරීමේ වගන්තිය සංශෝධනය කරලා පළාත් සභා විසුරුවා හැරීම සඳහා. ඇයි ඒ? උතුරු හා නැගෙනහිර පළාත්වල එවකට තිබුණු තාවකාලික ඒකාබද්ධ පළාත් සභාව නිදහස් ප්‍රකාශනයක් පිට කරා. They declared UDI. මේක වළක්වන්න නීති මඟින් අවශ්‍ය පියවර ගැනීම සඳහා අද බොහෝ අයට මතක නැතුව ඇති සමහරවිට ඒ කාලේ ඉපදිලත් ඇති අය පළාත් සභාවල්වල නිලධාරීන් හැටියට ඇති. ඒ වෙලාවේ ඒ භයානක තත්ත්වයෙන් වළක්ව ගන්න අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න තිබුණා. ඔබතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එදා ආණ්ඩුව ද විපක්ෂය ද කියලා මත භේදයකින් තොරව අපි ඡන්දය පාවිච්චි කළා. ඒ තුළින් පළාත් සභාවල් හදිසි තත්වයන් හා අනාරක්ෂිත තත්ත්වයක දී විසුරුවා හැරීමට පුළුවන් බලයක් පවරලා තියෙනවා.

    කෙසේ වෙතත් පළාත් සභාවට නියමිතව තිබුණු පසුගිය ඡන්ද විමසීමට පෙරාතුව යහපාලන ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කාලේ මගේ මිත්‍ර I hope you will understand what I say, hon. Adeikkalanathan and the members. පනතක් ගෙනාවා. පළාත් සභාව මගේ මිත්‍ර කිරිඇල්ල මන්ත්‍රීතුමා එතකොට මේ සභානායක පුටුවේ හිටියේ. පනතක් ගෙනාවා පළාත් සභා ඡන්ද නීතිය වෙනස් කරන්න. වෙනස් කරලා ඒ පනත සම්මත කරන්න. සම්මත කරලා කාරක සභාවට ගියා. කාරක සභා ආවස්ථාවේදී ඉදිරිපත් කළා පනතට සංශෝධන පනතේ භාගයක්ම වෙනස් වෙන සංශෝධනයක්. මම එකින් එක කියන්න යන්නේ නෑ මට කාලය නැති නිසා. පනතේ භාගයක්ම වෙනස් වෙන සංශෝධනයක්. වෙනස් කරලා මුළු පනතම කණගාටුදායක තත්වයකට අපි එදා කිව්වා ඒ වෙලාවේ මේක අවසානයේදී ක්‍රියාත්මක බැරි තත්වයට පළාත් සභාවල්, ක්‍රියාත්මක කරන්න ඡන්දය පළාත් සභා ඡන්දය පත් වෙනවා. මේ දෙකම වුණා.

    අදත් ඔබත් මමත් ඉල්ලා සිටින්නේ පළාත් සභා ක්‍රමය පළාත් සභා ඡන්දය තියන්න කියලා. අපි උතුරේ මන්ත්‍රීවරු ඉල්ලනවා. අපි සූදානම්. ඒකට සූදානම්ව සාකච්ඡාවක් මම කැඳෙව්වා කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි. විරුද්ධ පක්ෂය ඔබලාගේ පක්ෂය සහභාගි වුණේ නැහැ. මේ සුමාන දෙකක් නැහැ. අපි කැබිනට් මණ්ඩලේ තීරණයක් අරන් මේ ඡන්ද ක්‍රමයේ යම් යම් වෙනස්කම් කරලා තියෙන්නේ. TNA එකත් ආවා. ඉතින් දැන් ඔබතුමා නැඟිටලා කියනවා, ඡන්දය පවත්වන පිළිබඳව චෝදනාව අපට ඉදිරිපත් කරනවා. අපි මේකට සම්බන්ධ නෑ. අපිට ඕනෑකම තිබුණා ආණ්ඩුවක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඕනකම තිබුණා ආණ්ඩුව හැටියට මේ ඡන්ද පවත්වලා ඒ පළාත්වල ජනතාවට ඒ පළාත්වල කෙරීගෙන යන වැඩ භාර දෙන්න.

    ඉතින් ඔබතුමාලා ඇති කළ ඒ පනතේ ඉතිහාසගත පනතක් ගරු කථානායකතුමනි. ඔබතුමාට මතක ඇති පනත ගෙනාපු ඇමතිතුමා යහපාලන ආණ්ඩුවේ පනත ගෙනාපු ඇමතිතුමා පනතට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ වගේ වැඩ තමයි මේ කාලේ වෙන්නේ. ඒ කාලේ එහෙම වුණ නිසා, මේ කාලෙත් සමහර අය ඉන්නවා ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම වැඩ කරන්න බැහැ. අමාත්‍ය මණ්ඩලයට විනයක් තියෙන්න ඕන. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙන්නේ ඒ විනය අනුව වැඩ කරන්න. රජයේ ප්‍රතිපත්ති අනුව. රජයේ ප්‍රතිපත්තියත් එක්ක එකඟ නැත්තන් යන එකයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා ඇමතිවරු ඕන තරම් අස් වෙලා ගිහිල්ලා තියෙනවා. අස් කරලා තියෙනවා. මට මතක් වෙනවා, සිහිපත් වෙනවා එක්සත් ජාතික පක්ෂයේ යෝධ දෙදෙනෙක්ව අයින් කරලා දැම්මා, ප්‍රේමදාස ජනාධිපතිතුමා. ගාමිණි දිසානායක මැතිතුමාවයි, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාවයි. මේ යෝධයන් දෙදෙනොට sat removed. මොනාහරි වචනයක් පාවිච්චි කරත හැකි hon. Hakeem would agree with me. ඔබතුමාව නම්, කීප සැරයක් අස් කරලා තියෙනවා. ඔබතුමාව කීප සැරයක් කීප ආණ්ඩුවක් අස් කරලා තියෙනවා. මේක ඔබතුමාගේ ඉල්ලීම. මම දන්නවා ඔබතුමාගේ ඉල්ලීම නිසා ඇති වෙච්චි ගැටලු නිසා, ඔව්. ඔබතුමාව අස් කරනවා ආපහු ගෙනල්ලත් පත් කරනවා. අපිට මතකනේ මෙතන ඔබතුමා ඉන්න කාලේ අස් වෙලා ගියානේ. ආපහු ඇවිල්ලා දිවුරුම් දුන්නා ඒ ආණ්ඩුවේම. ඒ නිසා I don’t want to go into history of this matters.

    මම මේ කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ගෙනියන්න නම් මේ මූලධර්ම අනුගමනය කරමින් අපි කටයුතු කිරීමේ වගකීම තිබෙනවා. අපි පළාත් පාලන ඡන්දයේ පළාත් සභා පළාත් පාලන ක්ෂේත්‍රයේ සඳහන් කරපු විදිහට ඡන්දයට නියමිතව තිබුණා. නමුත් මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ ගැටලු මැතිවරණ කොමිසමත් හා ජනතාවගේ අතරේ ඇති වෙච්ච නීතිමය ගැටලුව ඉදිරියේ අධිකරණයෙන් තවමත් ඒ නඩුව එක නඩුවක් ඉවර නෑ. මම හිතන්නේ එන සතියේ නඩුව යළි විභාගයට ගන්නවා. ඉතින් ඒ නිසා මගේ මිත්‍ර අලවතුගොඩ මැතිතුමා මම ඉතාම ගෞරවයෙන් කියනවා, අපේ අලවතුවල. සමාවෙන්න මොකද බලාපොරොත්තු වෙනවා අපේ කාරක සභාවලත් අපි කතා කළා ඔබතුමාත් පැමිණ අපිට ඡන්ද ක්‍රමය තබාගන්න පුළුවන් ආකාරයකට පවත්වාගන්න. කොට්ඨාස ක්‍රමය ඉතාම වැදගත්. කොට්ඨාසයට ඇවිදින දුර මහජන නියෝජිතයෙක් සිටිය යුතුයි.

    (ප්‍රශ්නයක් අසයි)

     

    මොනව කියල කෑ ගැහුවත් ගරු කතානායකුතමනි, මෙතුමා මෙතැන සභානායක හැටියට තමයි පළාත් සභාවලට කරන්න පුළුවන් හානි උපරිමය කළේ. දැන් කතා කරනවා. අද පළාත් සභා ඡන්දය කියන්න බැරි වුණේ ඒ පනත ගෙනාපු නිසයි. වෙන මොනවා කතා කරන්නද. No. මේ ඉතිහාසයේ සත්‍යය ඉතිහාසයේ සත්‍යය සටහන් වෙලා තියෙනවා. ඉතිහාසයේ සත්‍යය සටහන් වෙලා තියෙනවා. අපි තවම මේ ඡන්ද ක්‍රමයේ පවත්වාගෙන යන්න පුළුවන්.......

    (ප්‍රශ්නයක් අසයි)

    පාර්ලිමේන්තු මම මගේ වැය ශීර්ෂය අවසාන කතාව අවසන් කරන්නට කැමතියි. නමුත් කරන්න ඉස්සෙල්ලා අපේ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තු මැතිවරණ විශේෂ කාරක සභාවල සභාපතිවරයා හැටියට කරන්න කියපු දේ ක්‍රියාත්මක කරන්න කිව්වා අලවතුවල මැතිතුමා. අත්සන් කළේ නෑනෙ ඕගොල්ලන්. ඕගොල්ලෝ නැගිටලා ගියා අත්සන් නොකර. කියවලා බලන්න. මගේ මිත්‍ර මම හිටියනම් යලි සිහිපත් කරනවා. මහාචාර්ය ජී.එල්.පීරිස් අත්සන් කළා. ඡන්ද ක්‍රමය වෙනස් කරන නීති මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා. අපේ ලේකම්තුමිය ඒ කාලයේ කොමිටියේ ලේකම්. මේ වලංගු වාර්තා පාර්ලිමේන්තුවේ. ඒ අනුව ඡන්දය පවත්වන හැටි යෝජනා කළා. දැන් ඡන්දය ප්‍රකාශයට පත් කරපු ඡන්ද ලේඛනය අවලංගු වෙලා අලුත් ඡන්ද ලේඛනයක් යළි ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. මොකද වසරෙන් වසර නීතිය අනුව කටයුතු කරනකොට ව්‍යවස්ථාවේ තිබෙන වගන්තියක් මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශයට පත් කළා. Sorry.

     

    (ප්‍රශ්නයක් අසයි)

    දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා ඕක අර ජනාධිපතිතුමා හම්බෙන වෙලාවල් තියෙනවානේ. කාමරේ. හරියට කියන්න මොන ක්‍රමයටද ඕනේ කියලා. මොකද එක එක්කෙනා ගිහිල්ලා එක එක ක්‍රම කියනවා විරුද්ධ පක්ෂය හම්බෙලා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට එක තීරණයක පාර්ලිමේන්තුවක් හැටියට එක තීරණය ඉඳලා අපි එකට එහෙමනම් නීතිය වෙනස් කරලා රවුෆ් හකීම් මැතිතුමා ඔබතුමත් එහෙමයි. ඔබතුමා තර්ක විතර්ක ඔක්කොම කරලා අන්තිමට අත්සන් කළේ නෑ. Finally, you didn’t sign the report. No. You didn’t. You didn’t sign the select committee report. * we acting as a result.

     

    (ප්‍රශ්නයක් අසයි)

    මම එපායි කියන්නේ නෑ. වැඩියෙන් හම්බෙන්න එපා කියලා කියන්නේ.

     

    (ප්‍රශ්නයක් අසයි)

    ඔබතුමා මන්ත්‍රීවරයෙක් හැටියට ඒ දරන ඕනෑකම ඉතාම හොඳයි. ඉතින් පාර්ලිමේන්තුව හැටියට මේ ඕනෑකම් සඳහා අපි කටයුතු කරමු. අපට මම මේ ගරු කතානායකතුමනි මම විශේෂයෙන් සඳහන් කරමින්, ඒ වගේම මම කතාවේ අවසන් කරන්නට විශේෂයෙන් ඉල්ලා සිටිනවා, අපි පසුගිය අවුරුද්දේ අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා කෘෂිකර්ම අමාත්‍යංශයත් සමඟ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගමන් කරමින් ඒ සංවර්ධන ආයතනයන් රැස් කරමින් අපේ නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ ඉලක්කයට යොමු කරගෙන උත්සාහය සාර්ථක කිරීමට යෙදුණා. මොකද ඒ අවධියේදී ශ්‍රී ලංකාව පමණක් නොවෙයි ජාත්‍යන්තරවත් ඒ අනතුරු හැඟවීම තිබුණා. අපි ආඩම්බර වෙනවා අපේ රාජ්‍ය පරිපාලනයේ සියලු නිලධාරීන්, දිස්ත්‍රික් දිසා ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් විශේෂයෙන් ග්‍රාමීය ආර්ථික නිෂ්පාදනය එසේ වැඩි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයට දක්වන ලද සහයෝගය. අඩුපාඩු ඇති. අඩුපාඩුකම් නොමැතිව මෙවැනි අස්ථාවරව පවතින ආර්ථික තත්වයක් ජාත්‍යන්තරවත් එහෙමයි. ජාත්‍යන්තරවත් අස්ථාවරයි. අපි පසුගිය අවුරුද්දට ඉස්සෙල්ලා කෝවිඩ් වසංගතය ආවා. ආර්ථික පසුබෑමට අපි ලක් වුණා. ලෝක ආර්ථිකය ආර්ථික පසුබෑමකට ලක් වුණා. මේ නිසා ජාත්‍යන්තර වෙළදාම ගනුදෙනු අඩු වුණා.

     

    දෙක, ලෝක ආර්ථික පසුබෑම වගේම ඊට පස්සේ යුක්‍රේන් යුද්ධය නිසා අද යුරෝපයේ අලුත් ආයෝජනයන් සීමා සහිත භාවයට පත්වෙලා තියෙනවා. අලුත්ම ආර්ථික තත්ත්වය ලෝක ආර්ථිකය පරිවර්තනය වුණා. ඒ සමඟම දැන් ඇති වී තිබෙන අර්බුදය තත්ත්ව මම විශේෂයෙන් මගේ කතාවේ කොටසක් කියවන්නට බලාපොරොත්තු වුණා. ඒ කොටස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යංශය හැටියට රට තුළ පිහිටි පළාත් පාලන ආයතන පද්ධතිය මෙන්ම ඊට සමගාමීව ක්‍රියාත්මක වන ප්‍රාදේශීය පාලන ක්‍රියාවලිය මැනවින් කළමනාකරණය කරගනිමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ සමඟ පසුගිය වසර තුළම ඒකාබද්ධ ප්‍රවේශයක් ඉතිහාසයේ ඉහළම අස්වැන්න කරා රට පැමිණීමේ ක්‍රියාවලිය සාර්ථක කරන්න මටත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනාටත්, අමාත්‍යාංශ නිලධාරීන්ට දිසාපතිතුමාලා සමඟ හැකිවුණා. අපේ රටේ ඉහළ ගිය උද්ධමනය 3.5 දක්වා අඩු කරගැනීමට විශේෂයෙන් මේ තත්ත්වයෙන් ඉදිරිය සඳහා බැලීමට පුළුවන් පසුගිය දශකය තුළ දුප්පත්කම පිටුදැකීම සඳහා මහජන චීනය අලුත්ම වැඩපිළිවෙලකට ආදර්ශය දීලා තිබෙනවා.

    අඩු ආදායම් ලබන ජනයාගේ ජීවිතය දියුණුවට පරිවර්තනය කර ගැනීමේ ඉලක්කය. ඒ වගේම ඉන්දියාව මේ යෝධ ආර්ථික දෙක අද එසේ ගොඩනැගෙන අවස්ථාවක අපේ රටටත්, ග්‍රාමීයව අපේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවමින් ගමටම සංවර්ධනය කරා ගමන් කළ හැකි අලුත්ම මාර්ගයකට මේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිෂාපදනය වැඩි කිරීම ආනයනයන්, විදේශ ආනයනය හා දේශීය ආනයනයන් එක් කර ගැනීම. රජයට අතිරේකව පෞද්ගලික අංශයට පිවිසෙන්නට පුළුවන් ගමේ සිට ඉහලට යන ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයකට අපි අවශ්‍ය පියවරවලට එක් කරමින් කටයුතු කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඉලක්කයන් ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මම මීට වඩා කාල වේලාව ගන්නේ නෑ. මම හිතනවා ඔබ සියලුදෙනා අපට විශේෂයෙන් අලුත් පෙරළියකට උඩරට පළාත්වල ජනයාට අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් ආදී දේවල් පිළිබඳව අයවැය ලේඛනයට ඇතුළත් කරලා තිබෙනවා. මගේ කතාවේ ඒ කොටස ඇතුළත් කරන ලෙස කතාවට කොටස හැටියට ඇතුළත් කරන ලෙස ඉල්ලමින්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ multi diamiration vulnerabies වාර්තාව විශේෂ වාර්තාවක්. හුදකලා නොව සාමූහික වශයෙන් පවුල් ඒකකයන් ගෙන‍ මේ ජීවන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා උත්සාහය යෙදෙන්නට කියන ක්‍රියාදාමය පිළිගනිමින් අපි කටයුතු කරන්නට ඕනේ කියන ඉලක්කයට ගමන් කිරීම සඳහා අද මේ අවස්ථාවට සහයෝගය දෙන ලද මේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉතාම ශක්තිමත්ම දීර්ඝ කාලයක් අත්දැකීම් සම්භාරයක් ඇති අපේ රටේ ආදායම් මාර්ග කළමනාකරණය ආදායම් මාර්ග පිළිබඳව ඒ වගේම මේ සඳහා වූ විවිධ සේවාවල් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධයි. විගණනයේ සිට විවිධ ඉංජිනේරු ආදී විවිධ දේවල් දෙපාර්තමේන්තු ඒ සැම කෙනෙකුගේම සහයෝගය මේ සඳහා අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සහයෝගය හා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලනවා.

    මම කතාව අවසන් කිරීමට අපි ගිය සතියෙ වවුනියාවට ගියා. වවුනියාවේ මේ සංවර්ධන ව්‍යාපෘති බලන්න. අපි වව්නියාව එක්ක ඉලක්කයක් හැටියට අරන් තියෙනවා. අපනයනයට හා අපේ රටේ ආහාර බෝග නිෂ්පාදනයට අතිරික්තයක් ඇති කළ හැකි දිස්ත්‍රික්ක ලෙස එහි පදනම ලබාගෙන තිබෙනවා. එය ඉතාම දුෂ්කරතා මධ්‍යයේ තවදුරටත් ඊට සහයෝගය දක්වන ලෙස අපි ගරු මන්ත්‍රීතුමන්ලා, විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිතුමාලත් සහභාගි වුණා. ඒ නිසා එවැනි ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී කොට්ඨාසය හා දිස්ත්‍රික්කය වශයෙන් සංවර්ධනය වඩාත් ජයග්‍රහණය කිරීමට දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ පලාතේ, සභාපතිවරු හැටියට පත් කරලා සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙනවා. එයටද හවුල් වන ලෙස ආරාධනා කරනවා.

     

    ස්තුතියි.”

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya