අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

    ජූනි 20, 2022

    චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ.

    ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා පසුගිය (16) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

    චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිතුමා දැනුම්වත් කළේය. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය.

     

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya