අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන්න- ජනපති

    අගෝස්තු 20, 2021

    ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් කණ්ඩායමක් ලෙස එකමුතුව කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනගෙන ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා අද (20) ජාතිය අමතමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    ''කොරෝනා වසංගතය මැඬ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් විශේෂඥ වෛද්‍යවරුන් වැඩි දෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත්
    පිළිගත් මතයයි.ශ්‍රී ලංකාවට එන්නත් ගෙන ඒමට විශේෂ උනන්දුවක් ගත්තේ,ඒ නිසයි.චීනය,ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව කතා කළා.තවත් රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව ලිපි යැව්වා.අප නිලධාරින් එන්නත් නිෂ්පාදනය කරන ආයතන සමඟ සම්බන්ධීකරණය කළා.

    මේ සියලු උත්සාහයන් දැරුවේ අපේ රටේ සියලු ජනතාව එන්නත්කරණය කිරීමට මට අවශ්‍ය වූ නිසයි.උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සෑම මසකම අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට
    ලැබෙමින් පවතිනවා. ලෝකයේ එන්නත් ලබාදෙන රටවල් අතර ඉහළ තැනක අප සිටිනවා.පසුගිය 19 දිනය වන විට එන්නත් එක් කෝටි විසි ලක්ෂ දහ නව දහස් එකසිය අනූ තුනක් පළමු එන්නත ලෙස ලබාදී තිබෙනවා. දෙවන එන්නත ලෙස පනස් එක් ලක්ෂ විසි හතර දහස් එකසිය අසූ පහක් ලබා දී තිබෙනවා.

    තවත් එන්නත් මාත්‍රා මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. තවත් මිලියන තුනක් මේ මස අඟදී ලැබෙනවා.වයස අවුරුදු 30න් ඉහළ සියයට 98ක් පමණ පළමු එන්නත් ලබාදී තිබෙන අතර සියයට 43ක් පිරිසට දෙවන එන්නත ලබා දී තිබෙනවා.අගෝස්තු 31 වනවිට සියයට 81කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට හැකියාව තිබෙනවා.

    සැප්තැම්බර් 10 වනදා වන විට සියයට සියයක දෙවන එන්නත ලබාදෙන්නට පුළුවන්. ඒ අනුව රෝගීන්ගේ සංඛ්‍යාවත් මිය යන සංඛ්‍යාවත් අඩුවනවා ඇති. සියලු ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට වරාය වැනි අත්‍යාවශ්‍ය සේවාවලට ආරක්ෂක ,කර්මාන්තශාලා සේවකයින්ට ප්‍රමුඛත්වය දී එන්නත් කළා. මිලියනයකට වැඩි කර්මාන්තශාලා සේවකයින්ටත් එන්නත ලබා දුන්නා. කොවිඩ්-19 පළමු රැල්ලේ දී ගත් ක්‍රියාමාර්ග නිසා සාර්ථකව මුහුණ දීමට හැකි වුණා. එවැනි දැඩි තීරණ ගැනීමට සිදු වුණේ වෙනත් විකල්පයක් නොමති නිසයි. ඒ සියල්ල තුළින් පළමු රැල්ල ජය ගත්තා. විටින් විට රට වසා දැමීමෙන් අතුරු ප්‍රතිඵල ගැනත් සිතිය යුතුයි. අඩුම ආර්ථික වර්ධනයක් තිබෙන කාලයක්. බොහෝ දෙනෙකුට රැකියාව නැති වුණා. මිලියන තුනක් පමන ජීවිකාව කළ සංචාරක ක්ෂේත්‍රය වැටුණා. ඉදිකිරිම් කර්මාන්තයට පහරක් වැදුණා.

    දේශීය හා විදේශීය ආයෝජන අහිමි වුණා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතයට ගැටළුවක් වුණා. ව්වාහන ලීසිං ගෙවනන බැරි වුණා. ස්වයං රැකියා හා දෛනික ආදායම් සම්පූර්ණයෙන් බිඳ වැටී ඔවුන් අසාර්ණ වුණා. ජනතාව ජීවත් කිරීමේ වගකීම පැහැර හැරියේ නෑ. රුපියල් 5000ක් දීමනාවක් ලබාදෙන්නට රුපියල් බිලියන 30ක් පමණ වැය කරනාවා.

    නිරෝධායනය වන සෑම පවුලකට සති 2කට සහනාධාර මල්ලක් ලබා දෙනවා.රජයේ සේවයේ වැටුප් අඩු කරනන් දීමනා කපන්න කටයුතු කළේ නෑ. සිය සියලු විදෙස් ණය නියමිත වේලාවට ගෙව්වා. රට වැසුවෝත් ආර්ථික තත්ත්වයට බලපානවා. විදේශ විනිමය අහිමි වෙනවා. සංචාරක කර්මාන්තය ගොඩ නැගීමට විශාල උත්සාහයක යෙදෙනවා. රට වසා දැමුවොත් සංචාරකයින් ගෙන්වීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා. ආර්ථිකයාට් විශාල බලපැමක් ඇති වෙනවා. සම්පූර්ණයෙන් රට වැඩීමෙන් වන බලපෑම් ගෑන් ජනතාව තේරුම් ගත යුතුයි.

    රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්න බෑ. අද රාත්‍රී 10 සිට 30 දක්වා රට වසා දැමීමට තීරණය කළා.අපි යථාර්ථය තේරුම් ගත යුතුයි. මුළු ලෝකයම මුහුණ දෙන
    ප්‍රශ්නයක්. රජයක් හැටියටම සෑම පියවරක් ම නිසි ලෙස අරගෙන තිබෙනවා. මෙතෙක් කල් තම ජීවිත අවදානම නොතකා සියලු සෞඛ්‍ය නිලධාරින් කළ සේවය අගය කොට සළකනවා. මාගේ නොමඳ ගෞරවය පුදකරනවා. රට අරාජික තත්ත්වයට පත් කරන්න සූදානම් වන්න එපා. රජයක් ලෙස විදෙස් ණය ගෙවීම වැටිප් ගෙවීම සහනාධාර ගෙවීම අඛණ්ඩව ගෙන යාමට නම් අප රටේ කුඩා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සිදු වෙනවා.

    ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන්නැයි ඉල්ලා සිටිනවා. මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනා ම
    බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනගෙන ගෞරවයෙන් ඉල්ලා සිටිනවා '' යැයි ජනාධිපතිවරයා පැවසීය.

     

    සම්පූර්ණ කතාවේ වීඩියෝව නැරඹීමට- https://www.facebook.com/watch/?v=257636946187947

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya