දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 09, 2020

    රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ.

    දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

    කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකූලතාව ඇතිව සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහභාගී වූ ජනාධිපතිතුමා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට එක් විය. දහවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබීය. ජනාධිපතිතුමා එය සඟ සතු කොට පූජා කළේය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කළහ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya