අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සෑම පළාතකම, දිස්ත්‍රික්කයකම සංවර්ධන ව්‍යාපෘතීන් නැවත වරක් ආරම්භ කිරීමේ කාලය එළැඹිලා- අග්‍රාමාත්‍ය

    ජූලි 27, 2020

    දේශීය අල ගොවියාගේ නිෂ්පාදන සඳහා වැඩි මිලක් හිමිකර දියහැකි ආකාරයට සහන ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


    ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වැලිමඩ ප්‍රදේශයේ පිහිටි ජන හමුවක දී ය.


    දේශිය අල ගොවියාගේ නිෂ්පාදනවලට වැඩි මිලක් ලබාදීමේ අරමුණින් පසුගිය මැයි 22 වෙනිදා සිට පිටරටින් ආනයනය කෙරන අල කිලෝවක් සඳහා රුපියල් පනහක බද්දක් පැනවීමට ආණ්ඩුව කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


    ඉදිරියේදි දේශිය අල ගොවියා නගාසිටුවීම සඳහා ඔවුන් වෙත දේශිය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කරදීමේ වැඩපිළිවෙළක් දියත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    පසුගිය සමයේ අඩාල ව තිබූ රටේ සෑම පළාතකම, දිස්ත්‍රික්කයකම සංවර්ධන ව්‍යාපෘතීන් නැවත වරක් ආරම්භ කිරීමේ කාලය එළැඹී තිබෙන බව ද එහි දී අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya