රට තුළ ක්‍රියාත්මක වන කොරෝනා මර්දන ක්‍රියාවලිය නිසියාකාරව වටහාගෙන එයට අනුගතවන සහ එහි වටිනාකම අගය කරන වගකීම් සහගත පුරවැසියන් මෙරටට ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
රජය හදුන්වා දී ඇති ක්‍රියාවලියට සම්පූර්ණ සහයෝගය දක්වන සැමටත්, එය ක්‍රියාත්මක කිරීමට කැප වී සිටින සියලුම රාජ්‍ය සේවකයන්ටත් ජනාධිපතිවරයාගේ ප්‍රණාමය පිරිනමන බවත්, සියලුදෙනා මේ මොහොතේ විශ්වාස කළ යුත්තේ මෙවැනි සත්‍ය අත්දැකීම් මිස කටකතා නොවන බව ජනාධිපතිවරයා කියා සිටී.