අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී

    අප්‍රේල් 03, 2014

    ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


    ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණු බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය පුරාණ චාරිත්‍රයකි. ඈත අතීතයේදී ජනී ජනයා තමන් වෙත අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත තමන් ලබා ගන්නා අස්වැන්නේ අග්‍ර කොටස පූජාකිරීම සිරිතක් වශයෙන කර ගෙන ආ පිළිවෙතකි. එය සංකේතවත් කරමින් වර්තමානයේදී ද ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස වාර්ෂිකව අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. නිසි කලට වර්ෂාව ලබාගැනීම, වගා කන්න සාර්ථක කර ගැනීම, සහලින් රට ස්වයංපෝෂිත වීම යන කරුණු රැසක් මුල් කර ගනිමින් මේ උත්සවය පවත්වනු ඇත.


    හෙළ චාරිත්‍රානුකූලව මඟුල් බෙර හා හේවිසි නාද මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වන පෙරහරින් රැගෙන එන අලුත් සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳු පැදකුණු කොට, එහි වැලි මළුවේ උඩු වියනින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති පාත්‍රයට දමනු ඇත. ඒ අනුව ප්‍රථම සහල් මිට පාත්‍රයට දමන ලද්දේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ හා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රධාන ගොවි මහතුන් විසිනි. සෙත් පිරිත් සඡ්ඡායනා හා මඟුල් බෙර මධ්‍යයේ මේ කටයුතු සිදු කරනු ඇත.


    ඉන් පසු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපතිතුමා පාත්‍රයට සහල් දැමීමට එක් වූ අතර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනිමින් අශිර්වාද ද ලබා ගත්තේය. මේ අවස්ථාවේදී අලුත් සහල් මංගල්‍යය පිළිබඳ සමරු කලාපය ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එම්.ඒ. සුනිල් වීරසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.


    අලුත් සහල් සහිත පාත්‍රය ජනාධිපතිතුමා අතින් මහා සංඝරත්නය වෙත පූජා කළ අතර හෙළ සිරිතට අනුව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ විසින් මහා සංඝරත්නය වෙත මී පැණි පූජා කරන ලදී. දේශීය සහල් නිපදවීමට අවශ්‍ය බිත්තර වී පළාත් නවයේම ගොවීන් වෙත බෙදාදීමට ද මෙහිදී ජනාධිපතිතුමා කටයුතු කළේය.


    රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, සරත් චන්ද්‍රසිරි, හේමාල් ගුණසේකර යන මහතුවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya