අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය යටතේ පාසල් දරුවන්ට පානීය ජලය

    අප්‍රේල් 04, 2014

    කාලික වකුගඩු රෝගී නිවාරණ ව්‍යාපෘතිය යටතේ පාසල් දරුවන් සඳහා පානීය ජලය සැපයීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ රඹෑව මහා විද්‍යාලයේදී පැවැත්විණි.


    විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා, අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගන්නා ලදී.


    රටපුරා පාසල්වල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ මැදවච්චිය ආසනයේ ඉදිකෙරුණු ප්‍රථම විද්‍යාගාරය වන රඹෑව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයද මෙහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


    අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා සිසුන් සමඟ සුහද කථාබහක ද නිරත විය. විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය විවෘත කළ ජනාධිපතිතුමා සමරු සටහනක් ද තැබීය.


    ජපාන සහයෝගිතා ඒජන්සි ආධාර යටතේ පිරිනැමුණු ජල බවුසර් 11ක් අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත බෙදාදීම සඳහා ජල බවුසර් අනුරාධපුර ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වෙත ප්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.


    උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, අමාත්‍යවරුන් වන තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්ලිව්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    DB-pix by Chandana Perera-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya