පූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අග්‍රාමාත්‍යතුමා විජිණිපත පිළිගැන්වීය.
දශක 03ක කාලයක් ත්‍රස්තවාදය රට වෙළා සිටී සමයෙහි මැටරඹ හේමරතන හිමියන් කළ යුග මෙහෙවර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිහිපත් කරනු ලැබීය. යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධූරය හොබවන පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමියන් සිදුකරන ශාසනික සේවාව අතිවිශාල බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.
උන්වහන්සේ “උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු ග්රන්ථ රුසක් රචනා කර තිබේ. බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් හේමරතන හිමියන් ගෙන යන ශාසනමාමක සහ ජාතිමාමක සේවාව ද අගමැතිතුමා සිහිපත් කළේය. අභිනව නා හිමියන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා වෙත ආශිර්වාද කරමින් තිළිණ ප්රදානය කිරීමක් ද සිදු කෙරිණ.
මහානායක, අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.