අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තිස් වසරක මහින්දානන්දය” උපහාර උළෙල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ..

    මාර්තු 02, 2020

    මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (01) පස්වරුවේ මහනුවරදී පැවති උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූහ.


    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය “මා දුටු මහින්දානන්ද” මැයෙන් වූ විශේෂ දේශන කළහ.
    “තිස් වසරක මහින්දානන්දය” ග්‍රන්ථය මහා සංඝරත්නයට සහ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් පිරිනැමීම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතින් සිදු කෙරිණ. පාර්ලිමේන්තුව තුළ මහින්දානන්ද අළුත්ගමගේ මහතා නැගූ හඬ දේශපාලන වශයෙන් දැවැන්ත ශක්තියක් වූ බව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

    තම රජය පරාජයට පත්වූ අවස්ථාවේ සිට නව පක්ෂයක් ගොඩනැඟීමටත්, නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමටත් මහින්දානන්ද මහතා කැපවී ක්‍රියා කළ බව ද අගමැතිතුමා සිහිපත් කළේය. මහා සංඝරත්නය, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු සහ විවිධ ක්ෂේත්‍රවල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya