නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක

    පෙබරවාරි 10, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය.

    එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමග කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ. වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි රැඳවියෝ ජනාධිපතිතුමා ඉදිරියේ කියා සිටියහ.
    මේ හේතුවෙන් තමන්ට දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඕවුහු පෙන්වා දුන්හ. පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya