අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයේ කටයුතු දුර්වලවීමට ඉඩ නොතබා නිසි පරිදි ඉදිරියට මෙහෙයවන ලෙස ජනපතිගෙන් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස්

    නොවැම්බර් 18, 2018

    රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වල වීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කර්යක්ෂමව එම කටයුතු ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.


    අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රධාන ලේකම්වරුන් ඇතු`ථ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග   (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

    රට තුළ පවතින දේශපාලන ගැටලුකාරි තත්ත්වය ඉදිරියේ දී නිරාකරණය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද කියා සිටියේය.
    එමෙන්ම සියලු රාජ්‍ය නිලධාරින් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉදිරියට ද සිය වගකීම් ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් වී නොතිබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.

    අමාත්‍යාංශවල කටයුතු කරගෙන යාමේ දී මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද මෙම සාකච්ඡාවේ දී ලබා දුන් විශේෂ උපදෙස් ලෙස බාධාවකින් තොරව එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙසයි.

    වරාය, විදුලිය, පෙට්‍රෝලියම්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන්නේ ඒවාට අදාළව අද දවසේ ගතයුතු තීන්දු තිරණ නියමිත පරිදි නොගතහොත් තවත් මාස 03,04 කින් රටක් වශයෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදු වනු ඇති බවයි.

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇතුළු ජනතා සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද මෙහි දී රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා එම කටයුතු අධීක්ෂණය කරන ලෙස තමා ආණ්ඩුකාරවරුන් වෙත ද උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් කළේය.

    ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් මේ වන විට රටට ලැබෙමින් පවතින අතර වසර 04 නියඟය පහව ගොස් ලැබී තිබෙන එම වර්ෂාව ආශිර්වාදයක් කර ගනිමින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඇතුළු කෘෂිකාර්මික වැඩසටහන් සාර්ථක කර ගැනීමට කැප වන්නැයි ද රාජ්‍ය නිලධාරින්ට පැවසු ජනාධිපතිතුමා අදාළ විෂයභාර අමාත්‍යාංශවලට පමණක් සීමා නොවී සියලු රාජ්‍ය ආයතන බේදයකින් තෙරව ඒ සඳහා එක්වීමේ වැදගත්කම පැහැදිළි කළේය.

    අමාත්‍යාංශවල මූල්‍ය ප‍්‍රගතිය සහ දිස්ති‍්‍රක් වශයෙන් සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය මෙහි දී සමාලෝචනයට ලක් කෙරුණු අතර, ඉදිරිපත් වු ඇතැම් ගැටලු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අමාත්‍යාශ ලේකම්වරු වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya