අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජලනිම්න – හරිත අරණ” රුක් රෝපණ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික සෝමාවති පුදබිමෙන් ඇරඹේ.

    නොවැම්බර් 02, 2018

    “ජලනිම්න – හරිත අරණ” රුක් රෝපණ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික සෝමාවති පුදබිමෙන් ඇරඹේ.

    “ජලනිම්න – හරිත අරණ” රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ඓතිහාසික සෝමාවති පුදබිම අභියස දී ආරම්භ කෙරිණි.

    සෝමාවති පුදබිම පරිශ‍්‍රයේ ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ කරඳ පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේ ය.

    වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන්  මෙය ක්‍රියාවට නැංවේ.‍

    ගංගා ඉවුරු දෙපස ඇති සංවේදි පරිසර පද්ධතින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම “ජලනිම්න – හරිත අරණ” වැඩසටහන ආරම්භ කිරිමේ අරමුණ වේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල, අධ්‍යක්ෂ ජනරාල් සී.එච්.ජී.ආර්. සිරිවර්ධන, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව සෝමාවති පුදබිම වෙත පැමිණ ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

    සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශී‍්‍ර සුමංගල නායක හිමිපාණන් වහන්සේ විසින් එහි දී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    මේ අතර සෝමාවති පුදබිම වැඳපුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නය සහ සැදැහැවත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 30 ක පමණ වියදමින් මෙම නව විශ‍්‍රාම ශාලාව ඉදිකර තිබේ.  නව තෙමහල් විශ‍්‍රාම ශාලාව අද ඩනපති අතින් විවෘත විය.

    සෙන්ට‍්‍රල් බෙයාරිංග්ස් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතාගේ සහ දායක සභාවේ ධන පරිත්‍යාගයෙන් මෙම විශ්‍රාම ශාලාව ඉදි කර තිබේ.

     3

     6

    1

     7

     8

    2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya