අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු හමු වෙයි

    නොවැම්බර් 01, 2018

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක්  ඊයේ (31) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහි දී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳව ද පැහැදිලි කළේ ය.

    නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ සහය ලබාදීමට මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරු සිය කැමැත්ත පළ කරනු ලැබීය. එමෙන්ම ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය සකී‍්‍රයව ලබාදීමට කැප වන බවට ද සහතික වූහ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මෙම හමුවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya