අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ඔක්තෝබර් 30, 2018

    ජාතික වප් මඟුල් උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

    තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළහ.

    චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya