අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලූ කථීකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ...

    ඔක්තෝබර් 22, 2018

    ගාලූ කථීකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නමවන වරටත් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සදහා ඒකාබද්ධවීම  (Synergizing for collaborative maritime management)   යන තේමාව යටතේ අද සහ හෙට කොළඹ දී පැවැත්වෙයි.

    රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක දෙස් විදෙස් විද්වතුන් රැසක් මීට එක්ව සිටින අතර, කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක සහ සාගරික සංවිධානවල වෘත්තිකයින්ට සිය අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් මෙම සම්මන්ත්‍රණය මගින් සැපයේ.

    සාගර සම්පත නිවැරදි භාවිතය, සියලූ ජාතීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් එය යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථීක පැවැත්ම හා ලෝක සාමය සදහා ඇති උපයෝගිතාවය සහ සියලූම පාර්ශ්වයන්ට එක්ව කටයුතු කිරීම සදහා ද්විපාර්ශවික මෙන්ම බහුපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

    එමෙන්ම වත්මන් සාගරික අභියෝග ජය ගැනීම සදහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සහ කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලූ රාශියකට පිළිතුරු සොයා ගැනීම මෙවර සමුළුවෙන් අපේක්ෂා කෙරේ.

    ගාලූ කථීකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු  WWW.galledialogue .lk  නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර, මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 22 සහ23 යන දෙදින තුළ සමුථව සජීවිවි නැරඹීමට ද පහසුකම් සලසා ඇත.

    මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතු ළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya