අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොකට්ටුවක් නිර්මාණය කළ සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක්

    ඔක්තෝබර් 23, 2018

    කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සදහන් කළේ ය.

    ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

    එමෙන්ම ශී්‍ර ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සදහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya