අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරු ගීයක රසවිදිති

    ඔක්තෝබර් 22, 2018

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන ගියේ හයිද්‍රබාද් මන්දිරයේ මධ්‍ය ආලින්දය වෙතය.

    ''අපි ගීතයක් රස විදිමු'' කී මෝදි මහතා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වීය. එය 15 වන සියවසෙහි නිර්මාණිත පැරණි ගුජරාටි භජන් ගීතයකි. මෝදි මහතා ද ගුජරාටි පවුලක උපන්නෙකි. ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති තනතුර ද දැරීය. මේ ගුජරාටි භජන් ගීතය ඉන්දීය නිදහස් අරගල අවස්ථාවේදී ගැයුණු, අදත් එකසේ ජනප්‍රියත්වයට පත් ගීයකි. වෛෂ්නව ජන තෝ නම් ඒ ගීයේ අරුත මෙසේ ය.


    අනුන්ගේ දුක දැනෙන, විපතට පත් වූවන්ට සරණ වෙන, මාන්නයෙන් තොර වූවෝ සැබෑ වෛශ්නවයෝය. ඔව්හු මුළු ලොවට ම ගරු කරති. අනුන් ගැරහීමට ලක් නොකරති. වචනයෙන්, ක්‍රියාවෙන් හා සිතිවිල්ලෙන් පිරිසිදු වෙති. ඒ නිසා ම ඔවුන්ගේ මවුවරු ආශීර්වාදයට ලක්වෙති.”


    මෝදි මහතාගේ ටැබ් යන්ත්‍රයෙහි ප්‍රදර්ශනය වූයේ පැරණි ගීතයේ නව නිර්මාණයකි. එය රූගත කර තිබුණේ ලංකාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේය. ගීතය ගායනා කළෝ භාතිය, සන්තුෂ්, උමාරියා සිංහවංශ, අසංක ධනංජය හා රශික ප්‍රදීප් යන ලාංකේය ශිල්පීන් විසින්ය. ''මේ ඔබේ රට විසින් අපේ රටේ මහත්මා ගාන්ධි තුමන් වෙත දැක්වූ සංගීතමය උපහාරයක්. ඊට ස්තුතියි.'' මෝදි මහතා පැවසීය.


    ''ගාන්ධි තුමන්ගේ මාර්ගය අනුගමනය කරලා තමයි ඩී. එස්. සේනානායක මහතා අපේ රටට නිදහස ලබා ගත්තේ. ඊට ස්තුතියි.'' වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya