අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම ගැන ඉන්දීය විදෙස් ඇමැතිනියගේ ප්‍රසාදය

    ඔක්තෝබර් 21, 2018

    ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

    20 වන දා පෙරවරුවේ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් ශාලාවේදී පැවති සාකච්ඡාවේ දී තවදුරටත් අවධාරණය කෙරුණේ ඉන්දීය පදනම මගින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන් තව දුරටත් පුළුල් කරලීම අතිශය වැදගත් බව යි.


    ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන සර්ව පාර්ශව වැඩ සැලැස්ම සඳහා ද ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.

    ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍ර සබඳතා ශක්තිමත් කරලීම හා පුළුල් කරලීම උදෙසා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දරන වෑයම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිනිය සිය කෘතඥතාවය පළ කළාය.කලාපීය ගැටළු හා ප්‍රවණතා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා බැවින්, ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුවහොත් ගතයුතු පියවර සම්බන්ධව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා උපදෙස් ඉල්ලා සිටියේය.


    ඒ සම්බන්ධව ඉන්දියානු ප්‍රතිපත්තිය ස්වරාජ් මහත්මිය පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවට ද ඒ අනුවම ක්‍රියා කළ හැකි බව එහිදී තහවුරු කෙරිණි. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අමාත්‍ය රණතුංග මහතා වෙත යොමු කිරීමට ද කටයුතු කරන බව ඉන්දීය බලධාරීහු පැවසුහ.

    උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් හා ඒවා කඩිනම් කරලීමේ අවකාශයන් පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නියෝජ්‍ය මහකොමසාරිස් එම් ආර් කේ ලෙනගල, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya