මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජතෙල් ගෙන යන නළ මාර්ග‍ය ප්‍රතිසංස්කරණයට පියවර

    ජූලි 22, 2014
    කොළඹ වරායේ සිට කොළොන්නාවට ඛනිජතෙල් ගෙන යන නළ මාර්ග‍යේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තාත්ෂණ කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවේ නිර්දේශ ලද වහාම නළ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (22) පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    විදුලිබල මණ්ඩලය සඳහා ආනයන මිලට වඩා අඩු මිලට ඉන්ධන සැපයීම, ජනතාවට ලබා දී ඇති භූමිතෙල් සහනාධාරය, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම ආදී කරුණු නිසා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ආරම්භයේ සිට ම ඉන්ධන සඳහා බදු අය කරයි. රුපියල් 85ට තෙල් ගෙන්වන්න බැහැ. අය කරන බදු මුදල් රජයේ අනෙකුත් සහනාධාර අංශ වෙත යොමු කරයි. ඉන්ධන සඳහා මිල නියම කරන්නේ රජයයි. සංස්ථාව පාඩු අවම කර ගැනීම සඳහා මෙහෙයුම් ලාභයක් ඇති කර ගෙන යන බවත් ඇතැම් අංශවල නිපදවීම් සඳහා තෙල් සැපයීම සිදු කරන බවත් ඔහු පැවසීය.

     

    අලුත් තෙල් හඳුන්වා දෙන්න අලෙවි අංශය වැඩපිළිවෙළක් කර ගෙන යයි. එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ කාර්යය පෞද්ගලික අංශයට දුන්නේ. ලිහිසිතෙල් අංශය ඇතුළු තවත් අංශ කොටස් 03කට කැඩුවා. ලිහිසි තෙල් නිෂ්පාදනාගාරය තනි ඒකාධිකාරයකටත් ගබඩා අංශය ඉන්දීය ඔයිල් සමාගමක් සමඟත් බද්ධ කළා. එදා කළ විනාශය හැකි තරම් අවම කරන්න කටයුතු කරගෙන යන අතර එයට ප්‍රචාරයක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya