මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග‍්‍රාමීය සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් තැබීමට බව ජනපති පවසයි

    අගෝස්තු 03, 2018

    ග‍්‍රාමීය ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වැලිකන්ද. හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට  ඊයේ (02) පස්වරුවේ එක්වෙමිනි.

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 180 ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩසටහන අනුව සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප‍්‍රමාණයක් ජනතා අයිතියට පවරාදීම පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් අද දිනයේ දී ද සිදු විය.

    දීර්ඝ කාලයක් පුරා පොළොන්නරුවට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මගහරවමින් එහි ජනතාවගේ හිතසුව පිණිස කි‍්‍රයාත්මක කෙරෙන මෙම සංවර්ධන සංග‍්‍රාමය තුළ දිස්ති‍්‍රක්කයේ පාසල්, රෝහල්, මාර්ග, ජල යෝජනා ක‍්‍රම, නිවාස, කී‍්‍රඩාපිටි හා කි‍්‍රඩාගාර මෙන්ම ආගමික සිද්ධස්ථාන ද පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙන අතර දේශපාලන බේදයෙන් තොරව මැති ඇමතිවරු විශාල පිරිසක් මෙන්ම විද්වතුන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මෙම දින තුන පුරා පොළොන්නරුවේ රැඳී සිටිමින් මෙම විවෘත කිරිම් සඳහා එක්වීම විශේෂත්වයකි.

    ප‍්‍රදේශයේ ජනතාව ද මහත් උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටියේ තම පළාතේ සංවර්ධනයේ සිහින මල් ඵල ගැන්වීම පිළිබඳ හදපිරි සතුටින් යුතුවය.

    අද දිනයේ ද ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘතින් අතරින් වැඩිම ප‍්‍රතිලාභ හිමිව ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙත වන අතර දිස්ති‍්‍රක්කයේ පාසල් 40 කට ආසන්න ප‍්‍රමාණයක සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති අද දින සිසු අයිතියට පත්කෙරිණි.

    රුපියල් මිලියන 22 ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකර තිබෙන නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම සිසු දරුවන් සමග සුහද කථා බහක නිරත විය.

    විද්‍යාලයේ පිරිසිදු පානීය ජල ගැටලුව පිළිබඳව මෙහිදී සිසු දරුවන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර පාසල සඳහා නව ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතියක් කඩිනම් ලබාදීමට සහ පාසලේ ආරක්ෂිත වැට ඉදිකිරීම, කි‍්‍රඩාපිටිය සංවර්ධන කටයුතු, නව ශ‍්‍රවණාගාරයක් ලබාදීම ඇතුළු තවත් අඩු පාඩු කිහිපයක් සපුරාලීම සඳහා ලබන සතිය වන විට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් මාන්නප්පෙරුම, අල් සාහිරි මවුලානා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ විවිධ හේතුන් මත දීර්ඝකාලයක් අඩු සැලකිල්ලට ලක්වූ පොළොන්නරුව පෙර රජ දවසින් පසු යළි සශ‍්‍රීකත්වය කරා ගෙන ගිය නායකයා ලෙස ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතිහාසයට එක්වනු ඇති බවයි.

    වැලිකන්ද කටුවන්විල මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල අද සිසු අයිතියට පවරා දෙනු ලැබුවේ ද ජනාධිපතිතුමා අතිනි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    එමෙන්ම විලයාය ප‍්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමට සහ අරලගංවිල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක්විය.

    විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ පන්තිකාමර 36 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදෙනු ලැබුවේද ජනාධිපතිතුමා අතිනි. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 63.75 කි.

    ලෝක චෙස් ශූරතා තරගාවලියේදී ආසියාවෙන් 6 වෙනි ස්ථානය මෙන්ම සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනාගත් චෙනුලි ලිහන්සා නල්ලපෙරුම ශිෂ්‍යාව වෙත තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සංගීත අංශයෙන් සමස්ත ලංකා ජයග‍්‍රහණ ලබාගත් ප‍්‍රභාත් මාලිංග ජයසුන්දර සහ ඩබ්. එම් සංචිත උදාර සිසුන් වෙත ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මේ අතර අරලගංවිල ප‍්‍රාදේශීය රෝහලේ සිදුකෙරුණු සංවර්ධන කටයුතු රැසක් ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. රුපියල් මිලියන 22.52 ක වියදමින් ඉදිකෙරුණු රසායනාගාර, සුවදිවි සායන හා නව පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර සහ රුපියල් මිලියන 37 ක වියදමින් ඉදිකළ වකුගඩු රෝග පරික්ෂණ හා සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදිම මේ අනුව සිදුවිය.

    රුපියල් මිලියන 39 ක වියදමින් ඉදිකෙරුණු අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජනතා අයිතියට පැවරුනේ ද ජනාධිපතිතුමා අතිනි.

    මේ අතර තවත් සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම මැති ඇමතිවරුන්ගේ සහ විද්වතුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

    වැලිකන්ද, පලුදෙනිය සුගලාදේවි ප‍්‍රාථමික විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදිම සිදු කෙරුණේ දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන් අතිනි.

    මෙහිදී අදහස් දැක්වු මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සඳහන් කළේ ජනතා සේවය අකුරටම ඉටුකරන වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන දැක්ම සහ වැඩපිළිවෙළ සියලු මහජන නියෝජිතයින්ට පරමාදර්ශයක් බවයි. එතුමාගේ නායකත්වය යටතේ රටේ ජනතාවගේ ජන ජිවිතය සමෘද්ධිය කරා ළගාවනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    මේ අතර ති‍්‍රකෝණමඩුව මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මන්ති‍්‍ර එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් අතින් අද පෙරවරුවේ සිදු විය

    මනම්පිටිය ගගේ දේවාලයේ දානශාලාව විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ති‍්‍ර හර්ෂණ රාජකරුණා, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර යන මහත්වරුන් අතින් සිදු විය.

    සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

    දේවාගම ප‍්‍රාථමික විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ ඇමතිනි තළතා අතුකෝරාළ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන් අතිනි.

    වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාලිංගවිල කණ්ෂ්ඨ විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සහ විද්‍යාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍ය රවින්ද්‍ර සමරවීර, පාර්ලිමේන්තු මන්ති‍්‍ර මලිත් ජයතිලක සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ජේ.එල්. රත්නසේකර යන මහත්වරුන් අතින් සිදු විය.

    දෙහිඅත්තකණ්ඩිය සැලසුම්ගම සිරි ධර්මරාජ විහාරස්ථානයේ් නවීකරණය කෙරුණු නව සංඝාවාස ගොඩනැගිලි විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක යන මහත්ම මහත්මීන් අතින් සිදු විය.

    රුපියල් ලක්ෂ 26 ක වියදමින් විහාරස්ථානයේ ඉදිකෙරුණු ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය ද මෙහිදී මෙම මහත්ම මහත්මින් අතින් විවෘත කෙරිණි.

    සෙවනපිටිය මහජන බැංකුවේ ස්වයං බැංක සේවා ඒකකය විවෘත කෙරුණේ අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන යන මහත්වරුන් අතිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya