අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු මන්දිරය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 14, 2014
    වසර 205ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අභිනව මූලස්ථාන ගොඩනැගිල්ල ‘රේගු මන්දිරය‘ අද (14) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත විය.
     
    රේගු මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතා විසින් පිළිගත් අතර සර්වාගමික ආශිර්වාද මැද සමරු ඵලකය නිරාවරණය කරමින් ජනාධිපතිතුමා රේගු මන්දිරය විවෘත කළේය.
     
    පහත මාලයේ පිහිටි රේගු කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා රේගු කෞතුකාගාරය නිරීක්ෂණය කළේය. මෙහිදී රේගු දෙපාර්තමේන්තුවේ ඉතිහාසය සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ ග්‍රන්ථ, සමරු සටහන් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     
    රේගු මන්දිරය විවෘත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද මෙහිදී පිරිනැමිණි.
     
    ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    HE NE CUSTOM BUILDING 1
     
     
    HE NE CUSTOM BUILDING 2
     
    HE NE CUSTOM BUILDING 3
     
    HE NE CUSTOM BUILDING 4
     
    HE NE CUSTOM BUILDING 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya