අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ මහා සිසු පෙරහර නැරඹීමට ජනපතිත් එක්වෙයි

    ජූලි 14, 2014
    අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිව්වන වරටත් පවත්වනු ලැබූ ආසියාවේ විශාලතම ඇසළ මහා සිසු පෙරහර පසුගියදා කොළඹ මහානාම විද්‍යාලයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා වීදි සංචාරය කළ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද අරලියගහ මන්දිරය ඉදිරිපිට සිට එය නැරඹීමට එක් විය.

    මෙම පෙරහර සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන පාසල් නැටුම් කණ්ඩායම් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගි වූ අතර සිසුන් 15,000කට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ. 
     
    කසකරුවන්, තාලම් නර්තන, පන්තේරු, කොඩි කණ්ඩායම්, අලි ඇතුන්, උඩරට හා පහත නැටුම්, වඩිගපටුන, සවරම්, පොල්මල් නැටුම්, දමිළ නැටුම්, රබන්, ලී කෙළි, ගැමි නැටුම්, ගොයම් නැටුම්, වට්ටි නැටුම්, වෙස් නැටුම්, තූර්ය වාදක කණ්ඩායම් යනාදී නැටුම් කණ්ඩායම් 200කට වැඩි  සංඛ්‍යාවකින් මේ පෙරහර විචිත්‍රවත් විය.


    කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ වූ පෙරහර කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන ප්‍රධාන ස්ථාන 04ක් ඔස්සේ පෙළගැසී කොල්ලුපිටිය ගාලු පාර ඔස්සේ අරලියගහ මන්දිරය ඉදිරියෙන් ගමන් කර රොටන්ඩා උද්‍යානයෙන් නවම් මාවතින් පෙරහර මාවත ඔස්සේ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත ගමන් කළේය.

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිත ප්‍රභූන් රැසක් ජනාධිපතිතුමා සමඟ පෙරහර නැරඹීමට එක්වූහ.

     
    NDH/pix by Udesh Gunarathne-pmu

    02

     

    10

     

    19

     

    20

     

    21

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya