මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" ජනපති සුරතින් විවෘත වේ

    ජූලි 13, 2014

    කොළඹ නගරය ආසියාවේ ආශ්චර්යවත් නගරය බවට පත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ ප්‍රධානම වාණිජ ස්ථානයක් ලෙස රුපියල් මිලියන 500ක මුදලක් වැය කරමින් සංවර්ධනය කළ කොළඹ නිදහස් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන පියවර වන "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" (Independent arcade ) සංකීර්ණය අද (13) සන්ධ්‍යාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරුණි.

     

    ඒ වෙනුවෙන් අද පස්වරුවේ එම පරිශ්‍රයේ පැවති අත්‍යාලංකාර උත්සවයට එක් ව එය විවෘත කළ ජනාධිපතිතුමා එම ගොඩනැඟිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

     
    ජනතා අයිතියට පැවරුණු මෙම "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ්" වාණිජ මධ්‍යස්ථානය වර්ග අඩි 90000ක පමණ විශාලත්වයකින් යුතු වන අතර එයින් වර්ග අඩි 40000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් වෙන්කර තිබේ.
     
    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද මැති ඇමතිවරුන් විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අධිිකාරියේ සභාපති නිමල් පෙරේරා ඇතුළු රජයේ නිලධාරීන් ද රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


    HC/pmu_Pix By : Sudath Silva

    HE opens Arcade Independence Square 1

     

    HE opens Arcade Independence Square 2

     

    HE opens Arcade Independence Square 3

     

    HE opens Arcade Independence Square 4

     

    HE opens Arcade Independence Square 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya