අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ ධර්ම පර්යේෂණ මන්දිරය ජනපති විවෘත කරයි

    ජූලි 12, 2014

    ගම්පහ, මිරිස්වත්ත, හෙට්ටියාදෙණිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම ධර්ම නිකේතනයේ ඉදිකෙරුණු නව තෙමහල් ධර්ම පර්යේෂණ මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ විවෘත කෙරිණි.

    ධර්ම නිකේතනය වෙත ගිය ජනාධිපතිතුමා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කොට ආගමික වතාවත්වල නිරත විය.


    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කළේය.


    විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජාකළ ජනාධිපතිතුමා සමරු තිළිණයක් ද පූජා කළේය.


    උන්වහන්සේ විසින් ත්‍රිපිටක ග්‍රන්ථයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.


    විහාරස්ථානය වෙත රැස්ව සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කථාබහක නිරත විය.


    අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය ආමත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, සරණ ගුණවර්ධන, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pmu

    02

     

     

    04

     

    03 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya