අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පිණ්ඩපාත චාරිකාව වෙත පිරිකර පූජා කරයි

    ජූලි 12, 2014

    අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් 09 වන වරටත් සංවිධානය කරන ලද "පිණ්ඩපාත චාරිකාව" ඊයේ (11) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සිට භික්ෂූන් වහන්සේ සියක් නමකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

    දුෂ්කර පළාත්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිකර එකතු කිරීම සඳහා සංවිධානය කරනු ලබන මේ පිණ්ඩපාත චාරිකාව වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද කොටුව ජනාධිපති මන්දිරය අභියසදී පිරිකර පූජා කළේය.


    මේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමයේ ප්‍රධාන සංවිධායක එම්.බී. විමලසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.

     

    NDH/pix by Nalin Hewapathirana-pmu

    6

     

    7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya